My Blog List

Sunday 28 January 2018

මනෝකල්පිත සෝෆාව

බොහෝ කලකින් නොලීමි, කර්යබහුලත්වය යෙදුම සධාරණිකරනය සදහා භාවිතයටද අකමැත්තෙමි.නොම ලිවීම කොච්චියා , සදවතිය ඇතුලු බ්ලොග් ඈයන්ගෙ නොමද පැසසීමට මා බදුන් කරන්නක් විය."උවමනාව ඇතිනම් ඕන වැඩක් කරන්න වේලාව තියනවා" නෙල්ලි අතීතයේදී එසේ කියා කිරිල්ලියට ( මගේ බිරිදට ) ලොරි ටෝක් දී ඇත , ඒ ලොරියෙන්ම ඇය මාව යටකරන අවස්තා වර්ථමානයේ නැතුවාම නොවේ. රැකියා මද්‍යස්තානයේ Muscat ප්‍රධාන කාර්යාලයේ සිට දුර බැහැර ව්‍යාපෘතියකට ලැබූ අනුයුක්තවිම ජෙනරල් මැනේජර්ගේ මව සිහිගැන්වුවද මව් ගුණ කෙසේ නම් වයන්නද සිතා නිරුත්තර උනෙමි. නුපුරුදු සලලා නගරයේ නේකවිධි නව මුහුනු අතර Muscat මිතුරුකැලේ හුරුපුරුදු සාමජිකයන් වූ දේෂා සහ සුගත් අයියා නව නිවස්නක් සොයගන්නා තුරු මාගේ භාරකාරත්වය ගැනීම සිතට එක අස්වැසිල්ලක් විය.උන්ගේ ගෙදරට නිශාචර සක්මන්හි යෙදෙන උපේක්ෂයා සහ ගොඩයාද නියම ජොකියන්ය අපටම ගැළපෙන උන්ය, එකම කුසුමකට පෙම් බදිනා බඹරුන්ය.

තමා සන්තකයේ ඇති බැදීම් ඇසුරු මානයේ පවතිද්දී එහි වටිනාකම මාත්‍රික අපගමනයන් නිර්මාණය කරන්නාසේ හැගුනද,  මොහොතක අහිමිවීම සිත චන්චල කරයි. බැදීමෙහි අල්පමාත්‍රික අගයකුදු නොවෙනස්ව ඇති බව ප්‍රත්‍යක්ෂ කිරීමට අහිමි මොහොතක ජනිත සිතුවිලි සමත්ය. ඉද හිට හෝ එසේ වීමද අමුතුම ආතල් එකකි. සාලලා නගරයේ කිරිල්ලිය සමග නව පදිචියට සියලු කටයුතු කාරනා සoතෘප්ත කරගැනුමට තව මසක කාලයක්වත් ගතවනු ඇත, දේෂාගේ ගෙදර මට හිමි සොෆාවේ මනොකල්පිත සෙයියාවකින් ඇලවී සිටිද්දී මුහුණුපොතෙහි දුටු එක පොස්ටුවක් බොක්කටම වැදුනේය.


සරළ පබැදුමක ගැඹුරු අරුතක් සොදුරු බැදීමක යතාර්තය මගේ යටි සිත කම්පනය කලේ නිතැතිනි. නිර්මාණයක් තමන්ගෙ ගැලපෙන වපසරියට ආදේශකරගෙන රහබැලීමට හැකිනම් නියම රස එයමය. මූහුණුපොතේ  හිටන්ගෙ චතුරිකාගෙ මයිලෝ පොස්ටු අතර මෙවැනි නෙත ගැටුම්, එකිනෙකා අතර ඇති සබදතාවල සුහදත්වයේ හරය , අරය අනන්ත වෘර්තයක වර්ගඵලයටත් එහා බව හදවතට පසුකම්පන කරයි. කිරිල්ලියට ඕවා තේරෙන්නේ නැතිය.ගැහැණු සිතක් කිසිම දෙයකින් සෑහීමට පත්වන්නේ නැත යන්න මා උගෙන බොහෝ කල්ය.ලග ඉන්නා විට "ඔයා මට දැන් ඉස්සර වගේ ආදරේ නැහැ" වැකිය දුර සිටියදී වුවද එක සේම Applicable ය.ඒ අතරතුර "ඇයි ඔයා මට මෙච්චර ආදරේ" කියාද ඇය අසයි මගේ මොලය Vibrate වෙන්නේ එවන් අවස්තාවලය.ඒ වැකි දෙකම ඇය අසන්නේ සිරාවටම බව මම දනිමි ලවය බෙදීම හරය මා සිත සනසයි. දුර ලග කෙසේ හෝ වේවා එකම බැදීම එකම ස්වරයකින් ස්වකීය හද තුල අනුනාද වන බවත් ඉන්නා ඉසව්ව මත ප්‍රත්‍යක්ෂ වීම් හා අපගමනය වන්නා වැනි හැගුම් දනවන බවත් සෝෆාව මට කියා දී ඇත්තේය.කලින් ගමන් යන්නෝ කව් රුන්දැයි අපි නොදනිමු ජීවිතය එයයි පෙරකීම් කල නොහැක නමුදු කවිකීම් කල හැක..



22 comments:

  1. නැවත ලියනවා දැකීම පට්ට සතුටක්. මනෝ ලෝකයේ සැරිසරන්නට ලැබෙන කාලය ඔහේ ව නැවත ලියන්නෙක් කරාවි කියල මට හිතුනා..
    වදින්න ලියලා තියෙනවා...
    සලාලා වල කුසුමට පෙම් බඳින එවුන් වගේම ඇති පදමට කුසුම් ඇති කියලත් හිතනවා..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූති ලියල තියන ඔක්කොටම 😂😛🙏🏻

      Delete
  2. ඔහේ ඉතින් රසවතෙක් කියලා අපි නොදන්නවා නොවෙයි නොවෑ. රහට ලියලා තියෙනවා මල්ලි. කවියත් අපූරුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති දිරිගැන්නුමට

      Delete
    2. තපස් ... ඔහේ නැතුව අඩුවක් මෙහෙට

      Delete
  3. එදත් මග පුරා මා බලමින් උන්නා
    කවිත් ලියා කවියෙන් හබ කලෙ දෙන්නා
    ඇවිත් යළිත් බ්ලොගයට පාළුව පන්නා
    මගෙත් සුභ පැතුම් ලියමුද වැඩ පෙන්නා...

    සතුටුයි නැවත පැමිණීම සහෝ. ඉඳ හිට හෝ ලියන එකයි වටින්නේ.

    ජයවේවා!!!

    ReplyDelete
  4. අදත් නුබ කවියෙන්ම පිළිතුරක් දෙන්නේ
    සමත් කම අගෙයි කවි කාරකම එන්නේ
    ගෙනත් සුබපැතුම් මට දිරියක්ම වෙන්නේ
    මමත් ලිව්වෙමි නැවත කාලෙකින් එන්නේ

    ReplyDelete
  5. Himashi Andaraarachchi29 January 2018 at 10:18

    Above poem was written by mom and this post will make her day. Thank you!

    ReplyDelete
  6. Really , Sonali akki told abt her , thanx anyway give my regards to her its really hart touched poem 😍 බොහොම පිං. හදුනගැනුම සතුටක්

    ReplyDelete
  7. "තමා සන්තකයේ ඇති බැදීම් ඇසුරු මානයේ පවතිද්දී එහි වටිනාකම මාත්‍රික අපගමනයන් නිර්මාණය කරන්නාසේ හැගුනද, මොහොතක අහිමිවීම සිත චන්චල කරයි. බැදීමෙහි අල්පමාත්‍රික අගයකුදු නොවෙනස්ව ඇති බව ප්‍රත්‍යක්ෂ කිරීමට අහිමි මොහොතක ජනිත සිතුවිලි සමත්ය. "

    හරිම අපූරුයි . තුති වේවා හැමෝඑක්කම බෙදා ගත්තට !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති මේ දිහාවෙ ආවට

      Delete
  8. හරය බෙදීම ලවය or ලවය බෙදීම හරය ?

    ReplyDelete
  9. පොඩ්ඩක් ටැපලිලා මම හදන්නම් 😍😘

    ReplyDelete
  10. පෝස්ට් එකක් දාලා අවුරුද්දක් පිරෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි යාන්තන් ජාමේ බේරගෙන.මීට පස්සෙවත් ඒ තරම් කල්න් නොගිහින් ඉදලා හිටලාවත් ලියවි කියලා විශ්වාස කරනවා.

    ReplyDelete
  11. හලෝ සද කොහොමෙයි වාස දේස

    ReplyDelete
  12. අලුත් යාලුවෙක් නේද..

    සුන්දරයි..!

    ReplyDelete
  13. ටිකක් විතර පරනයි ඒත් ඔහෙල තරම් නැහැ ඕo

    ReplyDelete
  14. මස්කට් තරම් නාගරික පහසුකම් නැති උනත්, සලාලා වඩාත් නිස්කලංක බව තමයි තියෙන්නෙ. තවම ඒ පළාතට ගොහින් නැහැ නෙව :(

    ReplyDelete
  15. ඉතින් එන්නකො අපිව බලල යන්න

    ReplyDelete