මනොකල්පිත සෝෆාවේ කලින් පොස්ටුව ඔබ කියවන්නට ඇතැයි සිතමි.මම එසේ ඇලවී මනෝ ගසා සිටියදී තවෙකෙක් මා හා සමගාමීව අනෙත් සෝෆාවේ උඩබලන් උන්නේය. ඌ නමින් පපාය, පපාගේ මිතුරාගමනය මගේ ජීවිතයේ තවත් වින්දනීයම හැඩතලයක් මැවු හමුවීමක්ම විය. දිනක් මස්කට් හි දේශාගේ ගෙදර සාදයකදී මා අහම්බෙන් ඔහු හදුනාගනිද්දී “අපි හැගුම් වලට ඉඩදී මොහොතක්" ගිටාරය වයමින් ගයමින් සිටියේය. නෙල්ලි කවදත් සොමියට බරය හෙමිහිට ඔහුට කිට්ටු වී ටෝකක් දැම්මෙමි, “ඕයි පපා බෝයි මටත් පුරුදු කරනවකො ගිටාර් ගහන්න හැබැයි නිකන් බෑ හරි උබ මට උගන්නනවට මම ගෙවනව” පපාගේ කිසිම අටුවා ටීකාවක්වත් එතකුදු මම නොදැන සිටියෙමි දැන සිටි එකම කරුණ මා මෙන්ම ඌද ශාකභක්ෂක බව පමණි. එකපයින් ඌත් වැඩේට කැමති විය.
මේ පොස්ටුව ලියන්නේ සහේතුකවමය.පිටතින් බලා මිනිසුන්ට චරිත සහතික දෙන්නට අපි උපන් හපන්කම් දක්වන්නෝය. සමහරු ඔවුනොවුන්ගෙ මනසට ඕපපාතිකව පතිත වන කල්පිත දත්ත ප්‍රකාශිත බවට පත් කරන්නේ අදාල පුද්ගලයාගේ මාපිය දෙපලටත් වඩා එහාගිය දැනමුතුකම් ඇති දුටු පමණින් සියලු සකලාංග කාරණා පෙරකියවිය හැකි ඉර්‍ශිවරුන්ටත් වඩා එහා ගිය අමුතුම ලයින් එකකින්ය.නෙල්ලිගේ ලයින් එක එතරම්ම බැරෑරුම් නොවුනත් පපා ගැන මා සිතා සිටියේ වෙනස්ම අයුරකින්ය. ඕමාන් දේශයේ සුලු රැකියාවන්හි නිරතවන්නෙක් වන ඔහු අමතර අදායම් මාර්ගයකට සප්තස්වරය කියාදෙන්නට උත්සුක වූයේයැයි සිතීමි.උගේ වාහනයෙන්ම මගේ නිවසට ගිටාරයද රැගෙන පැමිණෙන්නේ සිය බිරිද සාදා දුන් තේක ඌටම ආවේණික වූ Mug එකක දමාගෙනය. කාලය කෙමෙන් ගතවෙද්දී අපි සුහද මිතුරන් වූයෙමු. ගිටාර් එකකට පයින්වත් ගසා ගැනිමට නොහැකිව සිටි නෙල්ලිට පපා ගුරා නිසා යම්තාක් දුරට වැයීම කල හැක, තවත් ප්‍රගුණ කල යුතුය.
මගේ මනසින් උපකල්පිත පපාට වඩා සබෑ මිනිසා සැබවින්ම වෙනස් සොදුරු එකෙකි හුදෙක්ම ආත්ම තෘප්තිය සදහා තත් ස්වර නාදය ඇගිලි තුඩින් ඇගිලි තුඩට හුරුකරන ඔහු අද වන තුරු සත පහකවත් අමතර ගස්තුවක් මගෙන් ලබා නැත. සුලු රැකියා කරන්නෙකුයයි මා සිතා සිටි පපා ඕමාන් නිරුදක කතරේ සංචාරකයින් සදහා Desert Camping සංවිධානය කරන ආයතනයක ප්‍රධාන නියාමක තනතුරක් දරන්නේය .කාර්යාලීය මෙහෙකරුවන් වන අප පරිඝණකයේ ඇලී ප්‍රින්ටරයේ වෙලී A4 වල ගැලී හිසට ගිනිතාබගෙන දවස ගෙවද්දී ඈත කතරක නිහඩ අදුරක ගල් ගැහෙන සීතක අටවාගත් Camp එකක් අසල ගිනිමැලයකට ගුලිවෙමින් ගිටාරය වයමින් ලබන නිස්කලංක සැප ඔහු අසලදී නෙල්ලිව සුලු සේවකයෙක් කලේ නිතැතිනි.පපා හදපිරි සතුට ලබන අතරතුර මා ආත්ම ලැජ්ජාව තම යටි සිත තුලම සගවාගත්තෙමි ඒ හරිහැටි නොදැන ස්වලොකයන්හි මවාගත් නේකවිධි මනස්ගාත, පුද්ගලාදේශ කල නිසාවෙනි.එසේනමුත් වෙන කිසිවෙකුට නොකියා උපන් සිත තුලම වැරදි ආකල්ප නිදොස්කර supersede කරගැනුමට හැකිවීම සතුටකි.
මා මෙ ලිව්වේ ඉතාම සරල උදහරණයකි දිවියේ අත්විදි අත්දැකීමකි. එදිනෙදා දිවියේ මුනගැහෙන දත් නොදත් ,නෑදෑ නොනෑදෑ ,අම මිතුරු නොම මිතුරු එකී නොකී සියලු පුද්ගලයන් සදහා දුටු පමණින් නීර්ණය කොට හරිහැටි නොදැන කොතරම්නම් ව්‍යාජ දත්ත අපවිසින් සිත තුල තැන්පත්කරගන්නවා ඇතිද එතනින් නොනැවතී සමාජ සිරස්තල කරනවා ඇතිද,.................
පපා සමහරවිට මගෙ පොස්ටුවට එබුනහොත් “හා හා හා එහෙමද හු%$# මන් ගැන හිතන් හිටියෙ අසනු නොඅනුමනය මමත් ඔව් ප%$# කියා සිනාසෙමි එය මිතුරුදම තවත් හැඩකරනු ඇත. කිරිල්ලියටනම් මේ භාෂාව හිරිකිතය නමුදු කුණුහරුපයක ඇති ලෙන්ගතුකමේ රසය පිරිමි සවනකට හැර දැනෙන්නේ අන් කුමකටද.
මොකක්ද බං ඒ නම
ReplyDeleteකැතයි වගේද අයියෙ ඒත් උගෙ නම ඒක තමා
Deleteඅමුතු නමක් අමුතු ලිපියක් ඇත්තම කියපු
ReplyDeleteඔව් ඇත්තම තමා ලිව්වේ හැබෑට
Deleteබ්ලොග් එක මෙහෙමවත් අප්ඩේට් වෙන එක හොදා... දැන් කෝ අර ඔටු දේසේ අනිත් කෙනා කොච්චි පේන්න නෑනේ ආපහු..
ReplyDeleteකොච්චිය ඉන්නවා එයි ආපහු ලගදිම
DeleteThis comment has been removed by the author.
ReplyDeleteදකින සිනහව කතා හැඩරුව මිණුම් දණ්ඩෙන් මැන කපා
ReplyDeleteසිතන විටකදි වැරදි අදහස් මතුවෙලා ඔබ යයි අපා
ලියන සිතුවිලි නුඹගෙ රහමය තවත් නොලියා ඉනු එපා
තබන මේ සටහනට අනුවම මහත්මයෙකි හොඳ ඒ පපා.......
අපූරු සටහන
ජයවේවා!!!
බොහෝම තුති ලිව්ව ගමන් අපිව බලන්න එනවට
DeletePa Pa... දවසක උගේ ලමයි නම් කියලම අඩගහයි
ReplyDeleteඋගෙ පොඩි කෙල්ල පපාට කෙසේ වෙතත් මටනම් කියන්නෙ ටින් ටින් මාම කියල
Deleteමනුස්සයෙක් දැක්ක පලියට ඌ මොනවගේ එකෙක්ද කියල අනුමාන කරන එකට වඩා ආස්සරේ කළාට පස්සෙ තමයි හොඳටම දැනගන්න පුලුවන්.
ReplyDeleteසහතික ඇත්ත
Deleteසුන්දරම බැඳීම් මුණ ගැහෙන්නෙ නොහිතපුම මිනිස්සුන්ගෙන්!
ReplyDeleteඅපි හිතනවට වඩා මේ ලෝකෙ ලස්සනයි
ReplyDeleteකතරට වැසි මියුරු සර හා අපුරු මිනිසුන් නිබදව මුනගැසිම අරුමයක් නොව
ReplyDeleteඒක හැබෑව අක්කෙ
Deleteඔහේ අපූරුවට භාෂාව හසුරුවනවනේ මලේ...එලකිරි. දිගටම ලියමු.
ReplyDeleteඔහෙලගෙ දිරිගැන්නුම් වලට බෝම තුති
ReplyDeleteපපා ඔබ පුහුනු කල මිතුරා අද අපහට ස්වරයේ සුන්දරත්වය ලබා දෙමින් සිටි...........
ReplyDeleteEkenma... Nelli mage gura vanu athai sithami. Mama nam nelli gana kisivak nosithami. Dena de Kaa vena de bala hindimi...
Deleteha ha haaaa Upeeeeeeeeeeeeeee
Deleteගොඩේ අයියා ගහමුද පූල් ගිටාර් වගේද ඒව හිට0
ReplyDelete++++++++++++++++
ReplyDeleteකමෙන්ට් කරනවා දැකල තිබ්බට, නෙල්ලි ප්‍රින්ස් ගැන එහෙන් මෙහෙන් දැකල තිබ්බට, අදයි බ්ලොග් එකට ආවේ...
ReplyDeleteමේ සටහනට 100% ක් එකඟයි...මිනිස්සු කොයිම ආකාරයකින් හරි තව කෙනෙක් ගැන පූර්ව නිගමන වලට එලබීමට හරිම දක්ෂයි..විශේෂයෙන්ම ආසියාතිකයෝ...නමුත් අපි ඒ කෙනාගේ සපත්තුව ඇතුලට බැහැල බැලුවොත් ලැබෙන්නේ වෙනස්ම ආකාරයක දැනීමක්...
වැදගත්ම දේ අපි අනික් කෙනාගේ සපත්තුවේ ටික දුරක් ගිහින් බලන එක තමයි...
අපුරුවට ලියපු සටහනක්...
පොකුරු වැස්ස මෙහෙටත් වැස්සට බොහොම සතුටුයි, අගය කිරීමටත් බොහොම ස්තූතියි,ඉඩෝර කාල නැතුව දිගටම වහියි කියල හිතනව අනික මහ වැහි නෙමේනෙ පොකුරු වැහිනෙ මිනිස්සු තෙමෙන්න ආසයි
ReplyDeleteඅවංක ලියවිල්ලක්. සුභ පැතුම්
ReplyDeleteඅම්මප ගත්තනෙ සප්තස්වරේ හදාරන්ටය කියාලා ගිටාර් පළුවක් ... ගත්ත දවසේ තිබ්බ තැනම එල්ලලා තියනව, හාමිනේ ඉඳහිට දූවිලි පිහින නිසා උන්දැ මට වඩා එක ගැන දන්නව මයෙහිතේ :)
ReplyDeleteඋනන්දුනම් ඔන්ලයින් හරි දන්න ටික කියල දෙන්නම්, හැබැයි පුතෝ උනන්දුවනම් ඕනමයි
ReplyDelete