ඇගේ රූපය නුබට මන බදිනාද කියපන් සිරාම
ඇගේ ගත ගැන උබට ලොබ සිතුනාද බලපන් නුරාව,
ඇගේ ඇසුරට උබේ හිත හිරිවටුනාද හන්කිති කවාන
වෙනස් හැගුමක උබත් සුවවිදිනාද රහසින් හොරාම
අප්‍රකාශිත ප්‍රේම බන්දන, මුහුනු කැඩපතද පහදා දුන්නු ලදේ
ලඝු නොකලහැකි සොදුරු හැගුමන් ස්වයන් උද්දීපිතයන් මවනු දැනේ .
ඇයව සනහන සියුම් කෙදිරුම් , ගතක හිරිගඩු පිපෙයිදෝ කාමයේ
හදක ලෙන්ගතු සංක්‍යාතය ලොවට රහසින් සොයමි මා ස්නේහයේ
කීරි ගසනා යටි හිතක ඝන මතක සලුවක පිරිමදුම සුව ගෙනේ
එකම නාඩිය සුසර කරමින් පපුතුරේ හිද ඉදිකටු අනිනු දැනේ .
සසරෙ පෙර දී හමුවෙලා ඇති එහෙම නැතිනම් වෙන්වීද නොම හැගේ
දෙමන්සල අපි ඇවිද යන්නෙමු අප සබදකම් පහදන නමක් නොවේ
