"හරි උඹ කියපන් ආදරේ කියන්නෙ මොකක්ද" කොච්චියා ඇසුවේය. මොලයේ නහර ගැට ගැහෙන තෙක් සිතුවත් මගේ පිළිතුර ගොළුකම ම විය. ඔන්න බලපන් මුගෙන් ඇහුවම දෙන්නෙ නැද්ද කියල විනාඩි දෙක තුනක Definition එකක්, මා අසලම විස්කි තොලගාමින් සිටි ඔහුගේ හොදම මිතුරා පැනයට ලක්විය. කොච්චියා කීවේ සැබෑවකි “ආදරේ ඉතින් අපිට ඕනේ. බිරිද, ළමයි ඕවා තමා ඉතින් දැන් බලපන් මම උඹට අදරෙයි, උඹ මට අදරෙයි.. මූ කියාගෙන කියාගෙන ගියේය. නෙල්ලිගේ මොලේ නහර තවත් ගැට ගැහුනී. සැබෑ ආදරය, කොන්දේසි විරහිත ආදරය හා ඒ අතරට maths ද කොච්චියා පදමට ඇනූ විට මගෙ මොලය කැලතුනි. මේ ලියන්නේ ඒ සංවදය ගැනනම් නොවේ. තවත් දිවියේ හැඩතල මැවූ හමුවීමක් ගැනය.
සහස් සුවහස් කාලයක් නුඹ සැපෙන් සතුටින් වෙසේවා
මා කොළඹ රැකියාව කළ කාලයේ මොරටු සරසවියෙන් ආයතනික පුහුණුවට තෙමස් පරිවාස කාලයකට පැමිණෙන ඈයන් බොහොමයක් මුනහැසී ඇත. ඒ අතර මා සිත් ගත් හුරුබුහුටී තරුණියක් විය. ඇය කටකාරය, දගකාරය. එමෙන්ම හැඩකාරය. ඔෆීසියේ ඉඩකඩ සිමිත වු බැවින් ඇයට මගේ මේසයේ කොනක ආසනයක් පිරිනැමින. නොබෝ දිනකින් එකිනෙක දොඩමලු විය. මගේ හොද මිතුරියක් විය. ඔෆීසියේ ගොසිප් සේවය නම් කිවේ මා ඇයට පෙම් බදින බවයි. එනමුදු මසිත වෙන පෙමකය. ඈ එය දනී. ඇගේ සිතද වෙන පෙමකය. මා ද එය දැන සිටියෙමි.
වරෙක ඇය ජනෙල් කවුලුව තුලින් හිස් අහස දෙස ඉබාගාතේ බලා සිටින්නීය, ඇයගේ සිහින් දිගැටි පාගිලි මා දැක අත්තෙමි. දස්කොන් ප්‍රමිලගෙ උපන් ලපය දුටුවේ අහම්බෙනි. නොසිතූ නොපැතූ අයුරකින්මය. මෙයද එසේමය. වාසනාවකට මෙය තිබුනේ කකුලෙහි නොවේය. ගෙලට පහලින් ලැමට ඉහලින් පිහිටි සිහින් උපන් ලපයද මා දැක තිබු ඒවා අතර විය. වෙනසකට තිබුනේ මාගේ ප්‍රමිලාව හා ඇයගේ දස්කොන් අපි අපිම නොවීමයි. එනිසා නෙල්ලිගේ හිසද කිසිවෙකු ගසා දැමුවේ නැත. මේ තරම් නිමිති පෙනෙද්දී කවි සිතක් කෙලෙසක වාවම්ද. මේ ඇය තුලින් මම රසවිදි මගේ සිහිනයි. මේ ඇයට ලියු පළමු කවියයි.
එබී කවුලුව තුලින් බලනා විට අහස් ගැබ හැඩ වළා
එබී කවුලුව තුලින් බලනා විට අහස් ගැබ හැඩ වළා
එකක් දිගැටිව පිහිටි පා තුඩු සිහින් බව මම සැක කලා
අහම්බෙන් හෝ එකම සළකුණ නුඹේ ලැම මැද පිහිටලා
වෙනත් කිසිවෙකු නොවේ සොදුරිය මගේ සදවත සිහි කලා
කාලය කෙමෙන් කෙමෙන් ඉගිලින. පරිවාස කාලය හමාර වන්නට මොහොතකි. නික්ම යන ඇය ගැන කිසිදු තැවුලක් සිතෙහි නැති නමුත් ඇයට සුබපැතිය යුතුය. ඒ අනාගත සුබ සෙත උදෙසාය. ඇය ලoකර ගැනීමට හෝ හිමිකර ගැනීමට අල්පමාත්‍රික රහස් හැගීමක්වත් හද තුල නොවීය. නමුත් කවි සිතක් කෙලෙසක පහදම්ද. මේ ඇයට ලිවූ අවසන් කවයි.
සහස් සුවහස් කාලයක් නුඹ සැපෙන් සතුටින් වෙසේවා
දහස් ගණන්ක් සොදුරු මල් වැසි වැටී ඉන් ඔබ තෙමේවා
රහස් අදහස් නැතේ මා සිත සිතූ පැතු දේ ලැබේවා
එහෙත් තනිකඩ උනොත් යම්දින මුලින් මට එය ඇසේවා
ළගදී මූණුපොතේ ඇය ද අතිනත ගෙන ඇති බව දුටිමි. සදවත ද අද මා සමගය. හදපිරි සතුටින් සුබපැතීමි. මා ඇයට ලියු සෙත් කවියේ වස් පදය ඇරෙන්නට අනෙක් පද සියල්ල මල්පල ගැන්වී ඇත. කවිකාරකමට ලියුවෙමි. වස් නොපැතුවෙමි..
හරි අපුරුයි නෙල්ලි. ජයවේවා !!!
ReplyDeleteස්තූතියි 😊
ReplyDeleteනෙතින් නෙතකට දුටුව පමණින් ඇති නොවේ ආලෙක බැමී
ReplyDeleteහිතින් හිතකට බද්ධ වූ විට නවත්තනු බෑ පෙම් පිමී
තුටින් ඈ ඇගෙ ඔබත් ඔබෙ ලොව දිවි ගෙවන බව දන්නෙමී
ඉතින් කවදත් කවියෙ වස් ගති නොවන්නට මම පතනෙමී.......
ලස්සන සටහනක් නෙල්ලී.
ජයවේවා!!!
නුබත් කවියෙන් හොදම සාරය නියම ගානට දෙන්නෙකී
Deleteමමත් වින්දෙමි එකී කව් පද තුලින් ගැලු රස අරුතකී
සමත් බව කිසි සැකක් නැහැ සින්හල බසෙහි උබ හපනෙකී
නමුත් පිළිතුරු බදිනු රිසියෙමි කවි සිතක් රන් වන්නකී
බොහොම ස්තූති කවියෙන්ම දුන් කොමෙන්ටුවට
නෙල්ලි බ්ලොග් එකක් ලියන්න පුලුවන් එකෙක් කියලා මට හිතුනේ ඔන්න ඔය වෙලාවෙ. ඔය කවි පද දෙක ජනේලෙ අයිනෙ ඉඳන් රස කරලා කිව්වා.
ReplyDeleteසියුම් මානුෂික හැඟීම්..ආදරයත් නොවන ආලයත් නොවන රාගයත් නොවන ඔය වගේ හැඟීම් අපි හැමෝම ළඟ තියෙනවා.
දැන් ඊළඟ එක තමයි මේ වගේ පෝස්ට් දාන අපේ බ්ලොග් කරුවන් මුහුණ දෙන ඩොමෙස්ටික් සෙන්සර් නෙල්ලිට කොයි විදියට බලපායි ද කියලා..එහෙම බලපෑමක් ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
සිරා පෝස්ට් එක..නියම රස නියම ගානට
ඔබට සමදා මම ණයගැතී කොච්චියො බොහොම ස්තූති මෙ එක නෙමෙ මොකක්ද ඩොමෙස්ටික් සෙන්සර් කියන්නෙ
Delete"සියුම් මානුෂික හැඟීම්..ආදරයත් නොවන ආලයත් නොවන රාගයත් නොවන ඔය වගේ හැඟීම් අපි හැමෝම ළඟ තියෙනවා." සහතික ඇත්ත
Deleteනෙල්ලි වගේ කවියෙක්ව බ්ලොග් එකට ගෙනාපු කොච්චිට ස්තූති කරන්න ඕනෙමයි.
Deleteජයවේවා!!!
නෙල්ලි වගේ. කට පුරා රස දිවයනවා. නෙල්ලියෝ...කවි ලියලා බ්ලොග් එකේ පබ්ලිශ් කරනකොට, පේලි එහා මෙහාවෙලා වැටෙන එකට ප්‍රතිකර්මයක් තියෙනවා. බ්ලොග්ස්වල කවි ලියන අය ඒ ක්‍රමේ දන්නවා. දුමීලා වගේ අයගෙන් අහලා බලන්න.
ReplyDeleteබොහොම සතුටුයි කොමෙන්ටුවට, මම අහන්නම් දුමියගෙන් 😊
ReplyDeleteAwesome piece of work..
ReplyDeleteBeyond the thoughts of the typical lyrist
Thanks akkio 😍
ReplyDeleteNicely written :) Interesting to read, can we see more pieces of creative writings?
ReplyDeleteThankyou kush ☺️
ReplyDeleteඔය තියෙන්නේ යසට
ReplyDeleteයසයි නම් එච්චරයි 😊
ReplyDeleteඅටමා තමයි මෙහාට එන්න පාර කිව්වේ. නියම කවි දෙක. දිගටම ලියන්න
ReplyDeleteකියවන්න මේ පැත්තට ආවට ස්තූති අටමටත් ස්තුති නොකරම බැහැ
Deleteලස්සන් කවිදෙක හා පසුබිම් කතාව
ReplyDeleteබොහොම ස්තුති ආයෙත් එන්න මෙ පැත්තෙ 😊
Deleteඅවංක සිතුවිලි මෙහෙම කවියට නගන්න හැකි බොහොම ටික දෙනාටයි. වැඩේ තියෙන්නේ මේක නෙරංජන් ගැන තක්සේරුවකට පසුකාලීනව මෙතැන ඉන්න කුහකයෝ යොදා ගන්න පුළුවන්. ඒ කාරණය හිතේ තියන් ලියන්න. කවි දෙක අපූරුයි. මේ වගේ හැගීම් අපි කාටත් තියෙනවා.
ReplyDeleteබොහොම තුති අවවාදයට සහ දිරිගන්නුමට 😇
Delete+++++++++++++
ReplyDeleteඅටමා තමයි පාර කිව්වේ
අටමා සෑහෙන දෙයක් කරල වගේ සතුටයි ගොඩාරියක්
Deleteඅටම තමයි පාර කිව්වේ, දිගටම ලියමු...
ReplyDeleteජය වේවා...!
අටමට පිං , ඔව් ඔව් දිගටම ලියන්නම්
Deleteඅටමගෙන් පාර අහගෙන ආවා. හරිම රස කවි දෙක. දිගටම ලියන්න.
ReplyDeleteඈ බොල හැලපෙ...එතකොට මම ඔහේට මෙතෙන්ට පාර කිව්වෙම නැතෙයි?
Deleteඒ කියන්නේ අපි සියඹලා ගෙනල්ලම නෑ...
හා හා හා ඔය දෙන්න මරාගන්න ඕනා නැහැ කොහොම හරි ඔක්කොම ඇවිල්ලනෙ 😬
Deleteඉතින් ඔන්න ඒ ගෑණු දැරිවිටත් මෙන්න මෙහෙම හිතුනා කියලා අපි හිතමුකෝ.
ReplyDeleteඑකම මේසයෙ දෙපැත්තේ මුත්
අපේ හිත වෙන කොහෙද ඈතක
ඒත් ඉදහිට දැනෙනවා මට
නුඹේ හුස්මක රස්නෙ ලාවට
තිගැස්සෙන මුත් පිපී එන ළැම
පොට්ටු එහෙමත් වෙලාවට
පියාඹන්නට කොහෙද තටු අපි
දෙන්න උන්නෙම කතා දෙහෙකක
නුඹේ සඳවත දිනෙක නුඹෙ අහසෙ පිපේවී
මා පැතූ ලොව කිරුළ මගේ හිසත් රැදේවී
අදින් පසු ඉතින් අපි යලිත් හමු නොවේවී
ඉතින් මට සමුදෙන්න තව වරක් සිනාවී
ලව්..ලස්ට්..රොමෑන්ස්..
Deleteසඳවතී ස්පෙෂල් ....
සොදුරු සදවත
Deleteනුබේ හදවත
හැගුනු අදහස
වටී මට අද
කොච්චි - ම්ම්ම් මට ඉතින් හිතට වැදුනොත් මෙහෙම එව්වා ලියවෙනවාමයි
Deleteනෙල්ලි - ස්තූතී අගය කිරීමට ඔයටත්
සොඳුරු ගේ මේ කවි දෙකත් අගෙයි.
Deleteකවි දෙකත් ලියමනත් ලස්සනයි.. ඒත් ඒ ගැන මොනවා ලියන්නද කියල හිතාගන්න බෑ..අටං තමා ඔන්න පනිවිඩේ දුන්නෙ..
ReplyDeleteආවට ස්තූති අටමගෙන් පාර අසාගෙන කොමෙන්ටුවටත් තුති
Deleteඅටමට බොහොම තුති , ඔබටත් ස්තුති දිගටම ලියන්නම්
ReplyDeleteවෙන කියන්න දෙයක් නෑ සුපිරියි ! දිගටම ලියමු.
ReplyDeleteස්තූති මචං දිගටම ලියන්නම්
ReplyDeleteඅටමාට පින් සිද්ද්ධ වෙන්න ඔන්න මමත් මේ පැත්තේ ගොඩ වුනා එහෙනම්,,
ReplyDeleteපොස්ට් එකනම් බොහොම ලස්සනයි..
කවි පදත් එහෙම මයි..
ඉස්සරහටත් එන්නම්කෝ..
ජය වේවා..
දිගටම ලියමු එහෙනම්..
බොහොම තුති , අටමා තමා ඔක්කොටම පාර පෙන්නල තියෙන්නෙ
Deleteඋබට හොදට ලියන්න පුලුවන් good luck
ReplyDeleteස්තූති නැවත එන්න
Delete// ඇය ලoකර ගැනීමට හෝ හිමිකර ගැනීමට අල්පමාත්‍රික රහස් හැගීමක්වත් හද තුල නොවීය. //
ReplyDeleteමොන බොරුද !? හිත කියන්නේ ඒ වගේ මැෂින් එකක්..කොච්චර අවංකයි, ඒකාත්මිකයි කිව්වත් වෙන වෙන තැන්වල ගිහින් නතර වෙනවා..සමහර දේවල් ඇතුලේ හොරෙන්ම හංග ගන්නවා කවදා හරි දවසක ඕනා වුනොත් ප්‍රයෝජනයට ගන්න.. මේකත් ඒ වගේ තැන්පතුවක්...
සෙන්නා....ඒක හරි. කවුරුත් දන්නැති පොඩි ඩිපොසිට් එකක්.
Deleteඒ කතා බහ ඇතුලෙත් හිතන්න දෙයක් තියනවා 😬
Deleteමේ පොඩ්ඩක් පලල් කරල ලොකු කරහංකො
ReplyDeleteමොකක්ද අටම් අයියෙ 🤔
Deleteමේ අර ඊයෙ පෙරේදා කෙහෙල් කන්න බෑ.. බනිස් ම ඕන කිව්ව හාදයා නේද
Delete///මේ පොඩ්ඩක් පලල් කරල ලොකු කරහංකො////
Deleteඅටම් පුතා....ඔයා එහෙමද කැමති...
සෙ ා රි
Deleteඅකුරු පොඩ්ඩක් පලල් කරල පිටුව ලොකු කරහංකො
නියමයි නෙල්ලි... අටං තමා පාර කිව්වේ...
ReplyDeleteතැන්කුයි වේවා
ReplyDeleteශහ්ඃ නියමයි නෙ... දිගටම ලියන්න.
ReplyDeleteඅටමගෙ ටෝච් එලියෙන් ආවෙ
ජයවේවා..!!
ආවට බොහොම පින් ඔව් අටමා හෙන සප් එකක් දුන්නා
Deleteසුපිරි! දිගටම ලියපම් මල්ලි..
ReplyDeleteබොහොම ස්තූති
Deleteමරු අෑ........
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅහම්බෙන් ගොඩඋනේ..හුරැපුරැදු හැගීමක් අකුරැ කරල,
ReplyDeleteඑ් නිසා තදින් දැනුන
බොහොම තුති මේ පැත්තෙ ආවට
ReplyDeleteනෙල්ලියටත් කොච්චියගේ ලෙඩේ බෝ වෙලාද? මෙහෙම බොග පාලුවට ඇරලා හරි යනවද මන් අහන්නෙ ?
ReplyDeleteවෙන නෙල්ලි නැතෙයි
ReplyDeleteහරිම ලස්සනයි මල්ලි. මම කතාව දන්න නිසා තවත් විශේෂ යි
ReplyDeleteනෙල්ලි ඔබ අහස හා පොලොව ගැටගැසුවද. ගැහැණු මනසේ ගැබුරු තැන් කෙසෙ යා කරන්නද.
ReplyDeleteමුලු දවසම එකම දසුනක් දකීම ඈසට විඩාවක් අති..............කව්ලුව දෙස බලා සිටීම නෙල්ලියා ගෑන සිතනවා වගේ නෙල්ලියාට සිතෙන්න අති...............?
ReplyDelete+++++++++++++++++
ReplyDeleteහැම මිනිස් හැගීමක්ම වල් විදිහට බලන මිනිස්සු මේක කියවන්න ඕනිමයි... හරිම ලස්සනට මිනිහෙක්ගේ මානුශිත්වය හැගීම් අකුරු වලින් දැනුනා ...
ReplyDelete