My Blog List

Monday 30 January 2017

අහඹු හමුවක සොදුරු ඵලය

රෑකියාවෙන් විඩාබරවු තවත් සවස්  යාමයක කුසගින්නට හදිසි විසදූම කරගත් දුරකතනයේ නාමික වටිනාකමක් තිබු ලම්ප් රයිස් අයියා ඇමතුවෙමි,හෙතෙම සාද සදහා ලම්ප් රයිස් දෙන නිසාවෙනි. අවශ්‍යයතාව උත්සන්නම වු අවස්තාවේ පිටිය සෙවීම මාගේ පුරුද්දයි එය ඔහුටද අරුම නැත, අපේ කිරි අම්මානම් මෙයට කදිම යෙදුමක් කියන නමුදු, නොකියමි. කුසට අහාරයක් සොය ගිය ගමන කවි ලියන මා බ්ලොග් අවකාශයට පිවිසිමක් වෙතැයි හීන් අදහසකුදු  සිත් නොවීය,
මස්කට් හි අපට නුහුරු ගොම්මන්  සීතලේ බත් පත දෙන අතරතුර නිකමට මා සමග දොඩමලු වු ඔහු සහ ඔහුගෙ ප්‍රිය බිරිද රාත්‍රියෙ ශීෂා සාදයකට  ඇරයුමක් කරද්දී, සොබාදහමද  පරිසර තත්ව ගලපා ඈත්නම් මා කුමක් කරම්ද ,එය අහඹු සිදුවීමකි  අහඹු හමුවකි.

මිතුරු ප්‍රමාණ සමීක්ෂකයන්ගෙ අපමණ සාද වලට මා නිවස ලක්විය. බිරිද ලංකාවට ගිය නියාවෙන් මහදට අදුරු වූ එය ඔවුනට සොදුරු  මරමස්තානයකි.රාත්‍රියෙදී බැල්කනියට දිලුනු මස්කට් ගුවන්තොටුපල, සැරිසරන යාන්ත්‍රික කුරුල්ලන් හා නෑකම් කියන ඇරබියන් සාගරයෙන් හමන සුලග මතෙහි ගිලුන අපිට නොමද ආශ්වාදයකි .එකී සාද සංවාද වලදී මා නේක රස විද ඇත්තෙමි බොහොමයක් කුනු රසයන්ය. ලොව පිලිගත් උපාඨි දරන බොහොමයක් උගතුන් ලිද ලග සංගමයක සාමජිකයන් විම මා සිත නොරිස්සයි නමුත් එය ඇත්තයි.

මා කී අහඹු හමුව සාදයක වෙනත් මානයක් ඔස්සේ විය, සෑබෑ රස වෙනසක් හැගුනි, ආතල් කතා බහ පමනක්ම නොවීය. පහුවදා වැඩට යාමට තිබුනද විවිධ හරබර මාතෘකා ඔස්සෙ ගිය අපට කාලයද හරස් නොවීය.මා ඒ දොඩමලු වූයේ කොච්චියා හා කොච්චි හාමිනේ සමග බව පසුව දැනගතිමි.හිත පිනා ගිය නිසාවෙන් මම කවක්ද කලෙමි.



        අහඹු ලෙස මුනගැසුනු මිනිසුනි හැගුනි ලෙන්ගතුකමක මිහිරක්
        නොසිතු අයුරින් ලැබුනි හදපිරි සොදුරු සැලකුම් අමා දහරක්
        නොදැනි නොහැගිව අදුරෙ දොඩමලු ගෙවුනි හෝරා දිලුනි පහනක්
        හැදිනගත් මිතුදමක අසිරිය විදිනු රිසියෙමි නැවත දවසක්
 

බ්ලොග් ලියන්නට පෙලඹුන මුලබිජය අමතක නොකල යුතුය කොච්චියාගේ නොපසුඹට  සුන්දර වදය මා සිත තුල ඔහුට වටිනාකමක් දුනි මේ දිගහැරුනේ එයයි , තවද ඊයේ රාත්‍රියේ නිවසට යන අතරතුර ඩිලා බෝයිට කෑම පාර්සල් දෙන්නට ගොස් හෑමූ මලක සුවය නොවිදින්නට මෙම පොස්ටුව උපන් ගෙයිම මියයනු අත, කවි පද අමුණන මට බ්ලොග් පද නුහුරුය, ඉදිරියට මොනතක් ඔස්සේ ලියමිදැයි නොදනිමි. 

බ්ලොග් එකට නමක් දෑමිය යුතුය , මොන්ටිසෝරියේ බහ තෝරන පොඩි උන් මට කිව්වෙ නෙල්ලි කියාය එය ඔවුන් මගෙ නමේ මුල් අකුර යොදා සදාගත්තකි ,පිය පරම්පරවේ පෙලපතට උරුමකම් කී එකම කොලු පුරුක නිසා පව්ලේ ආදර නාමය ප්‍රින්ස් ය, එම නම් දෙකම මාගේ ජීවිතය හා බැදී ඇත අදටත් වලන්ගුය, හරුප නමක් ලෙස පාඨක ඔබට හැගුනත් මම කැමති එයටය. නෙල්ලිPrince ගේ මංගල පෝස්ටුව මෙයයි, බොහමයක් කතා ඇත බොහෝ කවිද ලියා ඇත්තෙමි, හමුවමු තවත් දිනයක...


46 comments:

  1. සුබ පැතුම් නුඹේ බ්ලොග් ආගමනයට. දිගටම ලියන්න. නිදාන කතා එක්කම කවිත් දාන්න.
    තවත් කතිකාවක් තියේවි අපට මේ සති අන්තයෙත්.

    ReplyDelete
  2. බ්ලොගර් ෆලෝවරය දාන්න

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. බොහෝම ස්තූතියි කොච්වියෝ

    ReplyDelete
  5. නෙල්ලීගේ ලිවීමේ හැකියාව ඉස්මතු කිරීමට සොදුරු වදයක් වු කොච්චි අයියාට පි0

    ReplyDelete
    Replies
    1. මම සාමාන්‍යයෙන් පිං ගන්නෙ නැහැනේ

      Delete
  6. Bohoth aaage jayega..... keep it up

    ReplyDelete
  7. සුබපැතුම් nelli මල්ලී... Waiting for your next post and hope those would be heart touching as the author...

    ReplyDelete
  8. Nelli liyanna patan gaththe saaahena kalekata Nalin.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නැතුව නැතුව 😇

      Delete
  9. කිරා මැන
    බිල් පතක් සදා
    නොදී ඉන්නනට නොහැකි
    හුස්ම පොද
    පමණක්ම
    මිලක් නොකරන
    අරාබි කතරේ .....
    (නො)ලැබෙන ලැබෙන
    විවේකයක
    ලියන දෙයක් බව
    දැන දැනත්
    නොකියවා ඉන්නේ
    කොහොම .?.....

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. දැනගැනීමට ලැබීම සතුටක් නම නොකියන මුත්

      Delete
    3. ඔව් ඔව් නම නොකිව්වත් කමක් නැහැ ලියන කෙනෙක්නේ

      Delete
  10. සුබපැතුම් nelliPrince

    ReplyDelete
  11. සැපවේවා!

    මෙන්න හැට්ටර්ගේ හද පත්ලෙන් සුබ පැතුම්!
    කොච්චියගේ පැත්තේ ලින්ක් එක තිබුනේ
    බොහොම තැන්කිව් වෙනවා බ්ලොගයක් පටන්ගත්තට. පුළු පුළුවන් වෙලාවට ඇවිත් කියවල යන්ඩ බලන්නන්කෝ. ඩෙට තිබුනොත් කොමෙන්ට් එකක් කාරිය දාල, නැද්ද මන් කියන්නේ.

    ReplyDelete
    Replies
    1. සතුටුයි අයි යෙ කොමෙන්ටුවට ඩේටා තිබේවා කියල පතන්නම් 😬

      Delete
  12. ජයවේවා...!!
    දිගටම ලියන්න නෙල්ලිprince...අර දුමියා වගේ ලස්සන කවි ලියන්න...!!
    මේ සති අන්තේ හම්බුවෙමු නේ...!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කොච්චියා කිව්වා, අපි හම්බෙමු බොහොම තුති.

      Delete
  13. කෝ ඉතින් පරන කවි ටිකක්වත් දාමුකො

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අටම් අයියෙ ලිය ලියා ඉන්නෙ පෝස්ටුවක් කවිත් එක්කම ඉක්මනටම දාන්නම්

      Delete
  14. කොච්චියාගෙන් පාරඅසාගෙන ඔන්න ගොඩවුනා. බ්ලොග් ලෝකෙට වෙල්කම්

    ReplyDelete
    Replies
    1. පාර කිව්ව කොව්චියටයි ගොඩවුනු ඔයාටයි ජයම වෙවා 😬

      Delete
  15. බ්ලොග් ලෝකෙට සාදරයෙන් පිලිගනන්වා.කොච්චියටත් ස්තූතී නොකියම බෑ මේ කරපු සත්ක්‍රියාවට ඉතින්.දිගටම ලියන්න සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. සදවතීගෙ කවිත් මම ටිකක් කියෙව්වා ලස්සනයි, ස්තූති බොහොම දිරිගැන්නුමට මාව.

      Delete
  16. සුපැතුම්..
    හදවතින්..
    පිනවන්න ..
    කවියෙන්..

    ReplyDelete
    Replies
    1. පිනවන්නම් හැකි හැටියෙන් කවියෙන් 😊

      Delete
  17. ගන්න හැකිවුණත් හැමදේ ගෙන සල්ලී
    ඉන්න බැරිය සතුටත් යනවිට ඉගිලී
    දුන්න ඉඟිය කොච්චිගෙ හිත තුට ඉපිලී
    ඔන්න ආව රහ බලන්න කෝ නෙල්ලී.......

    තවත් සහෝදරයෙක්ගේ ආගමනය ගැන සතුටුයි. දිගටම ලියන්න සුභ පැතුම්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අරුත පදරුත පදම ගලපා කවිකාරකම පිළිගමී
      සිරිත ලෙස නුබ කෙරූ කවියට කවියෙන්ම පිළිතුරු දෙමී
      හරිත ගහකොල හදට දෙන සුව රස ගගුල ලක් හට හිමී
      බරිත කරලයි මකරන්ද කව් මල් වලින් අපගේ දුමී

      Delete
  18. දිගටම ලියපං ... ලියන්න දේවල් නැතුව කවදාවත් :)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූති ඔබටත් 😊

      Delete
  19. කොච්චියගෙ එකෙක්නම් ඉතිං පිස්සෙක්මැ. (ඊලඟ පෝස්ට් එක එන තුරු)

    ReplyDelete
    Replies
    1. බොලා මාර නිගමන වල ඉන්නෙ ඈ..

      Delete
    2. පිස්සො ලියන ඒවත් රහයි හලෝ 😇

      Delete
  20. Helping me with sinhala since 2009
    Really enjoyed this

    ReplyDelete
    Replies
    1. Isha උබට සිංහල උගන්නපු හැටි ගැන වෙනම බ්ලොග් එකක් ලියන්නම් 😇

      Delete
  21. බ්ලොග්ස් ඔමානයටම සින්න වෙයිද :D දිගටම ලියන්න මමත් එක්ස් ඔමාන් බුවෙක්. (1987-2000.) ස්ටාර්ට් එකට මරු පෝස්ට් එකක් !!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති. අයෙත් එන්න මේ පැත්තෙ, 😊

      Delete
  22. නෙල්ලි ප්‍රින්ස් - මරු නම!
    ජයවේවා!

    ReplyDelete
  23. බොහොම තුති මේ පැත්තෙ ආවට

    ReplyDelete