මේ බ්ලොගය නෙල්ලිගේ දිවියේ හමුවූ තවත් එක් සොදුරු ජීවියෙක් ගැනය.කිරිල්ලිය (මගේ ප්‍රිය බිරිඳ) හමු වූ හැටි ලියූ දාට එය මා ලියන අවසාන ලියමන වනු ඇත. මා උසස් අධ්‍යාපනය ලැබුවේ පුද්ගලික සරසවියක් වූ ICBT එකේය.නිදහස් අධ්‍යාපනයේ හිනිපෙත්ත අහිමිවූ බොහොමයක් මගේ සගයන් විය.ප්‍රමාණ සමීක්ෂක (Quantity Surveying ,) වෘත්ථිය සුපිරියටම මාර්කට් වූ යුගයක Dubai , Qutar ඉහල වැටුප් දීමනා සිහිනාරූඪ කරගෙන අපිද QS සිසුහු වීමු.
"ආ පුතා ගොඩ දවසකින් මොනවද කරන්නෙ දැන්" .... "
QS කරනවා ආන්ටි"
" මොකක් මොනවා කරනවා කිව්වා"
සමාජයේ එකෙකුටවත් ඒ ගැන සියුම් අදහසකුදු නොවීය.
"නැහැ ඒක මේ Construction related Engineering වගේ සීන් එකක්”
යාන්තමින් ජාමේ බේරාහැනුමට එය ප්‍රමාණවත් විය. මේ අතීතාවර්ජනය අවුරුදු ගානකට එහාය.
මුල්ම දින Oriantation එකේ හමුවූ චොරයා(ඌට ඒ නම වැටුනේ පසුවය) නෙල්ලිගේ ප්‍රථම මිතුරු පරාණයයි. ඌද පත්තරේ තිබු ඉහල වැටුප් දැක ඇවිත් තිබුනේ Male Nurse කෙනෙක් වීමට තිබූ අශාව පසෙකලාය. "ඕක හරියන වැඩක් නෙමේ" දවසට සිය වතාවක්වත් ජප කරන මූ QS Digree එකද සාර්ථක ලෙස නිමා කොට Canada වේ Food Managing Field එකකඉහල තනතුරක් දරන්නෙ QS මිනිහාට හරි නොගිය නිසාමය.
5 Girls V 60 Boys සිටි අපේ Batch එක මුලු තම්බපණ්නියම නියෝජනය කලේය.තක්කෙටම එදා IT Lec එකකි.Computer Lab එකේ අසුන් සියල්ල සුන් වී ගොසිනි. චොරයාද කේක් ගෙඩියක් තිබ්බාසේ වාඩි වෙලාය.එකම ඉඩක් ඇති මුත් ඊට එහා පැත්තේ හයේ හතරේ කෙල්ලෙකි. කේශ කලාපය අතවරයකට ලක්වූ Maggi Noodles එකක් වගේය නමුත් බැලූ බැල්මට අව්ලක් නැති සෙයකි. සිනාවකින් Excuse පාරක් අනුමත කරගෙනම අසල ඉඳගතිමි. මගේ කිරිල්ලිය කියනා පරිදි ඒ නෙල්ලිගේ මල් හිනාවය. Batch එකේ එකිනෙකා තාම අලුත් ය කතා බහක් ඇත්තේම නැත.කොළඹ කොල්ලන් ගේ සබකෝලය උපරිම අගයකි. නෙල්ලිPrince හිටංගේ ගමේය හිටංගේ පාසලේමය පොලොන්නරුව රාජකීයේය, දැන් නම් ගමේ නම කිව්වත් හමයන්නට කන්න වෙන තැනට අපිට හිටං ඇරලාය. කුඩා කල සිටම සහෝදරියන් අට දෙනෙක් සමග කෙලිදොලෙන් කල් ගෙවූ නෙල්ලිට විරුද්ධ ලිංගිකයන් කෙරේ සබකෝලය ශුන්‍ය අගයක් ගත්තේය.කුමක් හෝ විෂයානුබද්ධ කරුනක් පිළිබඳ පොඩි Talk කක් Noodles හා දැම්මා මතකය. ඒ ඉදගත්තු ඉදගැනිල්ල දිවිය පුරා දිවයන්නක් වෙතැයි කෙලෙසකවත් නොසිතීමි.
නංගී කියනා පරිදි එකිනෙකා ස්වකීය කෝණ තුලින් ලෝකය දකියි ඊට අනුගතව ඔවුනොවුන් සමාජයේ හැසිරෙයි.ඇයට අනුව කිරිල්ලිය ඇයට මෙතෙක් හමු නොවූ අමුතුම කෝණයකින් ලෝකය දකින ජීවියෙකි.Shape කෝණය , නිහඩ පිළිවෙත් කෝණය , Direct Talk කෝණය ආදී නේක අර්තකථනයන් වර්ගීකරණය කොට කෝණීකරනය කල හැක.Noodles ද ඒ අමුතු ජීවී සාමාජිකාවකි. සිතට එන දේ එලෙසින්ම වචන කරන ඈ හරිම අව්‍යාජය බොක්කේ දඩමස් හක්කේ බුදුරැස් න්‍යාය ඇත්තේම නැත එනිසාම ඇයව නොරුස්සන හුදී ජනයා බොහොමයකි.වැඩි කාලයක් ඔටුවන් සිටින දේශයක වාසය කිරීම නිසා බර සිංහල ඇයට මදක් නුහුරුය.දවසේ මුලින්ම ඇසුන Radio ගීතය උදේම Lec එකේ අපි සිංහල Lyrics Vs English Translation කිරීමු, එය ඉතාම ආශ්වාදජනකය. ජෝතිපාල මිල්ටන් ක්ලැරන්ස් එකල අප සමග QS ඉගෙනගත් ශ්‍රීලාංකික ගායකයෝ වෙති. Girls Row එකේ හැමදිනකම ඉදගැනුම මතභේදයට තුඩුදුන්නකි කතන්දර කටකතා එමටකි නෙල්ලිට ගානක්වත් නැත බකපන්ඩිත මා හැමදාම කලේ මට උවමනා දෙයමය.
දිනක් නෙල්ලි Back Row එකේ චොරයා සමග ඉදගත්තේය. ඌ සමග විසීමද ආතල් කෝටියකි. Qs Practice lecture එකේ Black Specs පළදින ගුරුතුමිය උගේ ශබ්දකෝෂයේ Naughty Teacher ය.චොරයා ඌ අසල සිටි අනෙකාගේ රැව්ල අතගාමින් ආදර දෙබසක් මුමුණමින් සිටියේය.
“මට ඉන්න බැහැ යකෝ තෝව දැක්කම මාව ඔද්දල් වෙලා කාමුක වෙනවා”
අනෙකා : “ මාව කාපිය එහෙනම් වේසාව”
අපි නොසිතූ පරිදි සෙනයකින් ක්‍රියාත්මක වූ චොරයා උගේ T Shirt එකේ කර පෙදෙස පහලට ඇද පපු පෙදෙස අනෙකාට පෙන්වූයේ “කාපිය මගෙ එක කියාය”
අවාසනාවක මහත අප දෙසට එමින් සිටි Naughty
Teacher එම Closeup එකෙන් සිහිසුන් නොවූයේ නූලෙනි.උප්පත්තියෙන්ම බතලයෙකු වූ චොරයාගේ හිරිකිත දසුනින් එකතැන යූ Turn එකක් ගැසූ ඇය විදුලි වේගයෙන් ඉදිරිපසට ගියේ නැවත නොයෙන්නටය.
Men & Women දෙපිරිසම සම ලෙස නෙල්ලි Prince ඇසුරු කිරීම නිසා Noodles මා හැදින්වූයේ Mount Lavinia Bisexual Prostitute කෙනෙක් ලෙසටය.එතකින් නොනැවතුනු ඈ නෙල්ලිව white Board එකේ සිතුවමක් කරන්නේ ගල්කිස්සේ ගණකයන් සොයා එන පාරිභෝගිකයන්ගේ හිතසුව උදෙසාය.මේකි සමග සිටීමද දෙවනි වූයේ චොරයාට පමණි. සිදුවූ ඔක්කොම ලියන්නට ගියොත් මේ බ්ලොග් එක නොනවතිනු ඇත දැනටමත් ගොඩක් ලියා ඇති සෙයකි.
කෙසේහෝ වේවා වත්මන මැදපෙරදිග රටවල් දෙකක කාර්යබහුල දිවි පෙවෙත් දෙකක් ගෙවන අප දෙදෙනා දුක සැප දෙකෙහිදීම නොවෙනස් අට වසක මිතුදමකට උරුමකම් කියමු, ඇය කෙදිනක හමුවුණත් , කතා බහ කලත් ඒ බැදීම එමමය එලෙසමය. මා ලගින් ඇසුරු කරන ගැහැණු පරානයන් බොහෝ දෙනා කිරිල්ලිය දනී මේ ලගකදී නෙල්ලි හදිසි රාජකාරි කටයුත්තකට Dubai ගිය අවස්තාවේ Noodles හමුනොවීම පිළිබද දොස් නැගුවේ කාටත් පෙර ඇයයි.
“මාව දැක්කම රවන ගෑනුත් එක්ක බැලුවම උබෙ wife නම් සිරා ඕයි Prosti”
Noodles දිනක් කිව්වා මතකයඒ ඇයගේ වාග් විලාශයයි .කවියක් නොලියා සිටීමට නොසිතෙයි එහෙත් බහුශ්‍රැත සිංහල නොතේරෙන ඇයට සංධි , එලිසම , ගලපා කවි පද කලොත් එය translate කර වන්දි ගෙවීමට නෙල්ලිට සිදුවනු ඇත.සරල බසින් පොස්ටුවම නිමකලේ ඇයද මගේ Blog පාථිකාවක් නිසාමය.
අසුන් නොමැතිව වටේ කැරකී නුබට දැම්මෙමි හිනාවක්
හසුන් පත් උවමනා නොමවිය මිතුදමට අට කලාවක්
වසන් කරනට නොම හැගෙයි යෙහෙළියේ උබ නිල් වලාවක්
අසන් නට හිතෙනවා නිකමට දුන්නදැයි මට ඉනාවක්
නේක උදවිය හමුවෙලා ඇති අපට හෙටටත් හමුවෙතේ
කෝක ආවත් ඉතිරිවෙන ටික දෙනෙක් ඇත දිවි මාවතේ
දාක වන්නට හොදම මිතුරිය නෙල්ලිprince ගෙ හදවතේ
මේකි කිසිදින හීනෙකින්වත් නොසිතා ඉන්නැති මගෙහිතේ.

ඒ කියන්නේ ඔයා හිටංගේ ගමෙන් ඇවිත් අපේ ගමේ ICBT එකට ගිය බුවෙක් එහෙනම්...දැන් එතොට මේ පින්තූරේ ඉන්නෙ කිරිල්ලිද මැගී නූඩ්ල්ස්ද ?
ReplyDeleteහා හා හා අපිත් කොළඹ කොල්ලො හිටං. ඔය නූඩුලුස් නංගි
Deleteදගේ කර කර මතක රැඳවූ අතීතය තවමත් දැනේ
ReplyDeleteඅගේ කර කර කවිත් ලිව්වලු නූඩ්ලස් ගැන අද දිනේ
රඟේ දැන් දැන් මෙසේ ලියවෙයි හිරවෙලා තිබු හිත් කොනේ
නගේ නෙල්ලිගෙ අහිංසකවූ පැතුම ඉටුකර දෙනු මැනේ.....
ජයවේවා!!!
හැමදාම මෙහෙ එනවනෙ මම ඉදල හිටල ලිව්වත් බොහොම ස්තූති දුමී
Deleteඇති යන්තං මෙහෙමවත් ලියනවා ඉදහිටවත්
ReplyDeleteඒකනෙ හිටං
Deleteඅමුතු තැනකට ආමි
ReplyDeleteකියවීමි
හද දිනූ
බව කියමි!
බොහොම සතුටුයි. දිගටම එන්න
Deleteචී බං උඔ හිටං ගේ ගමෙන් ඇවිත් මගේ ගමේ නම තමයි කාලා තියෙන්නේ.
ReplyDeleteනුඹේ මිතුරැතම දිගුකල් පවතීවා.......
ඒකනේ බලන්නකෝ
Deleteබොහොම ස්තූති පැමිණියාට දිගටම එන්න
Deleteමොකක් නැතත් හිටං කවිය නම් පට්ට. උඹ මට ගොඩක් කාලෙකින් කතා නොකර ඉන්න වෙනස් ජාතිය මොකක් ද කියල ත් දැනගන්න ඕන. ��
ReplyDeleteඅම්මට උඩු ඒ මොකක්ද සුදූ
ReplyDeleteකව්ද අයිසේ අතවරයට ලක්වූ MAGGI NOODLES කොණ්ඩයක් තියෙන හයේ හතරේ කෙල්ල ?
ReplyDeleteතෝව මම විකුනනවා E -BAY එකේ මොකද අපිත් දැන් දියුණු නිසා
චීත්ත අතරින් කලිසමක් වුනු මගේ බෙස්ටා , මා අද මෙහෙමවත් සිංහල දන්නේ තෝ නිසා
clarence jothi අමරදේව අපේ batch එකේ ඩෝ
පොලොන්නරුව සිතියමේ උඩින්ම පිහිටුවට , සල්ලාල මුස්කට් ,එක්සත් එමීර් එකට උඩින් තිබ්බත් , පොළොවේ පය ගහල තාම ඉන්න , අපේ අම්මත් සමගම මාගේ කසාදෙට සම ලෙස ප්ලෑන් ගහන බොක්කේ මිතුරා.
පොඩ්ඩක් විතර කඳුළු ආවා එත් මතක් උනා අපේ සටන් slogan (සිංහල වචනේ දන්නේ නැ ) අපි කුරීරුයි සදා දුෂ්ටයි හින්ද හිත block ගලක් කර ගත්තා ..
තොගේ සහ මගේ සහ අපේ නංගිලා කට්ටියගෙම පිනට ලැබුණු කිරිල්ලිය , ඔය මෝඩ චූන් දාන , branded කරපු සිලි සිලි බැග් වලටත් උඩ යන , වදුරට දැලි පිහි scene දාන බිරින්දෑවරුන්ට වැඩිය, දාහකින් සම්පතක් ,නැ නැ ජාතික සම්පතක්
අපේ ඔටු border (සිංහල වචනේ දන්නේ නැ ) නැති වලි, අනුන් ලුනු ඇඹුල් කර සම්බෝල හදල අපිටම පිලිගන්වනවිට අපි අතිරස කාලත් ඉවරයි යකෝ
අපේ අම්මා (ඔයාගේ partner ඉන් මයි කසාදෙ project ) කියන විදිහටම කිව්වොත් නං , සසර පුරුදු (මට නං කරුමෙයක් කියල හිතෙන්නේ ) සසර පුරුදු වලටයි මිත්‍රකම් හැදෙන්නේ . සසරේ එහෙනං track මාරු නොකර ඔබ දෙපලයි මගේ නංගි ඔයාගේ නංගිලයි එහෙනං speed limit එකටම පදවමු මෙයා ජීවන highway එකේ (මහින්ද රාජපක්ෂ හදපු highway නෙවෙයි )
අඩෝ අර සින්දුව මතක් උනා ජීවන මේ ගමන සංසාරේ තනිව අන්දකාරේ (light බිල ගෙවල නැද්ද )
හිටං ගමට අවම ගහපන්කෝ පොල් පිත්තකින්
පොෂ් ලොවේ පිටරට හැදිච්ච මා ආඩම්බරයෙන් කියන්නේ මගේ හොඳම මිතුරා පොලොන්නරුවෙන්ය කියා , කොළඹ නපුරුයි ලුනේ .
ඉනාවක් නෙවෙයි මල මොහිනිව බන්දවන්නේ දෙනගනින්
අඩෝ කව්ද oi ඔය teacher මතක නැනේ .
සද තොපි දෙන්නට ලවු ලෝකෙට මල ඉලවු
අම්මෝ කදුලු පැන්නා ඒ සිංහල ටික කියවලා 😍😍😍 love u ගෑණියෙ 😍😘😘 ඉන්ද්‍රා තමා ඉතින්
ReplyDeleteවැලහින්නියක් පාර්ට් එපා අපි කුරීරුයි දුෂ්ටයි
Deleteඊයා ඔයි
නියමයි නෙල්ලි...... කාලෙකින් !
ReplyDeleteබොහොම ස්තූති බොක්ක ඔව් ආව පොඩ්ඩක් ඇවිල්ල යන්න ඔහෙලව බලල කියල
Deleteඅනිවා... දිගටම ලියන්න පුළුවන් නම් අගෙයි :D
Deleteසතුටක් උඹව දකින්න ලැබීම....i enjoyed
ReplyDeleteසතුටක් ඔබව දකින්න ලැබීම I ENJOYED :P
ReplyDeleteඅදයි ආවෙ මේ පැත්තට... රහ ලියමනක් වගෙයි... ලියමු දිගටම
ReplyDeleteබොහොම සතුටුයි පැමිණීම පිළිබද , දිගටම එන්න කලින් ඒවත් නිවාඩු වෙලාවක කියවන්න
ReplyDeleteME ICBT QS KEEWENI BATCH 1 DA ?
ReplyDeleteඔහෙගෙ නම කිව්වනම් අදුනගන්න තිබ්බා 😂
ReplyDeleteමරු බං..! දිගටම ලියහන් ! ජය !!!
ReplyDeleteඅම්මේ මෙන්න මූ ලියන්න පටන් අරගෙන ... මාගේ මතකය නිවැරදි නම් ඇස් පෙනීම දුර්වල නැති නම් නෙල්ලිගේ බොක්කෙ ෆිට් එක සහ ඇගේ මවත් කිහිප වාරයක් විවිධ උත්සව වලදී දැක ඇත්තෙමි.
ReplyDeleteඇයව නොහඳුනනමුත් හිතහොඳ සොඳුරු මිනිසෙක් වන ඇගේ පියා අදටත් මසකට දෙකකට වරක් හමු වෙමි.
හම්මට ඔය කිව්වෙනම් ඒ අහවලුන් ගැනම තමා
ReplyDeleteබොහොම සතුටුයි හදුනාගන්නට ලැබීම ගැන.අහස් ගව්ව්ටේ ගොඩවෙන්නම් මේ දැන්ම
ReplyDelete