My Blog List

Monday 26 March 2018

පෙමක් පහදනු නොමදනී



අදුරු මීදුම් පටල විනිවිද දකින එලියෙන් මත්වෙලා
කොදුර කොදුරා රහස් මුමුණයි සවන් යුග කුල්මත් වෙලා
සොදුරු හීනෙක පාට සිතුවම් නුවන් යුග මන්මත් කලා 
ඉදුරු පිනවන ප්‍රේමයද මේ සබද පවසනු පහදලා

ඈත දිදුලන පහන වෙත යයි නොමදිලේවිද නොමහැගී
මෑත සවනත ඇසෙන කෙදිරුම අසල ගැවසෙයි ලුහුබදී
ගීත සිහිනය මැවෙයි නිබදව පියවි නෙතු අවැසිම නොවී 
දූත කම් තව අවැසි නොමනෙද පෙමක් පහදනු නොමදනී

පොකුරු වැහි ගේ "ප්‍රේමයෙන් බැදීම යනු...." කියවා ලියවුනු පිළිතුරු කවක්....

17 comments:

  1. මේ තඩී ඔහෙට දවසක් උනා වගේ මටත් වර්ණ කේස් එකක් බ්ලොග් එකේ හදාගන්න දන්නවද

    ReplyDelete
    Replies
    1. ඕ යෑස් දනිමි බ්ලොගර් එකේ තීම් එකට ගිහින් පල්ලහාට යද්දි වෙනස් වෙනස් තීම් තියනවා ඒවා එකින් එක දදා ප්‍රිවිව් කොරන්න...

      Delete
    2. හරි මම බලන්නම් තඩී

      Delete
  2. ඒකත් කියෙව්වා වින්ඳා මේකත් කියෙව්වා වින්ඳා.... අපූරුයි....

    ReplyDelete
  3. සතියට දෙකක්වත් ඕන

    ReplyDelete
    Replies
    1. තේරුනා බුදු අයියෙ හොදටම

      Delete
    2. මේ ඉන්නෙ බන් එල බුවෙක් මටත් වඩා හිදට මේකා බොලාට කියලාදෙයි ඕන මගුලක්


      තඩියා

      Delete
  4. සෑම හදකම නොසිතු මොහොතක දැවි දැවී යයි ඇවිළිලා
    නාම යක් වුව ගතට වද දෙයි මතක මත්තෙම හිරවෙලා
    කෝම කියමිද පදවැලක් ලෙස අරුත නිසිලෙස ගළපලා
    ප්‍රේම බන්දන නොවන්නට අද ලොව රැඳේවිද සැරසිලා.....

    ලස්සනයි නෙරන්ජන්. පොකුරුට දාපු කමෙන්ටුවම මෙතන්ට දැම්මා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ලස්සන කවියක් දුමී .බෝම තුති මෙහෙ එනවට

      Delete
  5. "ඉදුරු පිනවන ප්‍රේමය" සදා කල් නම් .....

    ************

    හරිම ලස්සනයි ...

    ReplyDelete
  6. සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක් .......
    බොහොම සතුටුයි මෙහෙ ගොඩවදිනවට බ්‍රෝ

    ReplyDelete
    Replies
    1. පැණි වල රස බලන්න කුබියෝ එනවා වගේ

      Delete
  7. කවි ටික රහයි...එකම දේ විවිධ අදහස් වලින් ලියවෙන එක තමයි නිර්මානකරනයේ තිබෙන සුන්දරකම...

    ReplyDelete
  8. නෙල්ලි උඹට හිටං කයිපද අමුණන්න පුළුවන් බව දන්නව ඒත් ගොයියො එයිට වඩා රහට ගද්‍ය පුළුවන් වගේ ....

    ReplyDelete
  9. බොහොම ස්තූති ඔහෙලගෙ දිරිදීම් වලට උම්මාහ්

    ReplyDelete