My Blog List

Saturday 21 September 2024

පොඩ්ඩක් හිතපන්

 


උබ ඇයට ලංවූයේ කුමන අරමුණකින්ද ඇගේ රූපය උබ මනබදිනාද, අගේ ගතිගුණ උබ ලොබ බදිනාද, ඇගේ ඇසුර උබ හද පිනනාද,  ඒ සියල්ල කැටිවූ මොකක්දෝ ලබ්බක් උබට ඇය නොමැති ගමනක් හදාගන්නට දෙන්නේ නැතිද, උබේ අප්‍රකාශිත ප්‍රේමයේ බන්දනය, ඈගේ අප්‍රකාශිත ආදරයේ කැඩපතද  සමහර ආදර කතා බරපතළ බව උබ නොදනීද නමුදු එය අපව සදාකාලිකවම ජීවත් කරනවා නොවේද. මෙන්න මේකයි කියා ලඝු කරහැනුමට නොහැකි අමුතුම සොදුරු බැදීමක උබ ස්වකැමැත්තෙන්ම පැටලී ඇතිද. ඉතිං උබ ඇය තම සතුකරගත්තාද පොඩ්ඩක් හිතපන්

විරුද්ධ  පක්ශයට ආලය කිරීමට උබට දැනෙන හරිම හැගීම හටගත්තේ කොතනකදීද, ඇත්තටම උබ ඇයට ආදරෙයිද, උබ කැමති සහ ඇකමැති සියලුම දේවල් ඈ කලත් තාමත් එක වචනයකට උබේ පපුව හිරිවැටෙනවාද ,ඔලුව අංජබකල් වෙනවාද, සබ්බසකලමණාවම පැත්තකින් තබා ඇය සැනසූ මතක , ඇගෙ පිනවූ සිතක , මතක පොලු වී පැමිණ වාරික වශයෙන් උබේ උබේ ඔලුව පලනවාද ,ඒ දේවල් තවමත් උබ කරනවාද. ඇයගේ ජීවිතයේ සියලුම අසු මුලු දන්නා එකම පිරිමියා උබ නෙමේද. උබට දැන් ඒවා අමතක වෙලාද පොඩ්ඩක් හිතපන්

උබ අන්තිමට ඇය ආදරෙන් සිප වැලදගත්‍තේ කවදාද, එදා උණුහුම තාම උබෙ උබේ ලේ මස් ඇට නහර සුසර කරනවාද ,  උබ දැන් සතුටින් ද ජීවත් වෙන්නෙ කියල සිරාවටම උබ උබෙන් කී පාරක් අහල තියනවද ,ඇය උබත් එක්ක ඉන්නෙ සතුටින්ද අඩුගානෙ බොකක් දාද්දි හරි ඒක ගැන හිතුවද පොඩ්ඩක් හිතපන්

උබේ ආදරේ සංක්‍යාතය එදයි අදයි එකමද , උබට දැන් මහන්සිද ,නැත්නම් හතිද , එහෙමත් නැත්නම් උබ පට්ට බිසීද , ඒත් ඇයට එතිලම ඉන්න හිතෙන මොකක් හරි දෙයක් තාමත් හිතනවාද ඉතින් උබ එතුනද නැත්නම් ඔතන ගමන් හරි මේවා ගැන හිතුවද, යටි හිත කීරි ගහන වෙන කාටවත් නැති ඝනකම් ලෙංගතුකමක් උබව හැමවෙලේම පිරිමදිනවද ඒක හිතේ විතරක් තිබ්බම ඇතිද පොඩ්ඩක් හිතපන්

උබට මේ වගේම තව කාට හරි ආදරේ හිතිල තියනවද , එක්කො ආස හිතිල තියනවද, මේ දැන් මතක් කලොත් ලස්ස්න පුකවල් කීයක් ඔලුවට ආවද , ලස්සන හංස ජෝඩු කීයක් ඔලුව වටේ ඉගිලුනාද ,එහෙමත් නැත්නම් පට්ටයි කියන වනිතාවන් කීයක් උබට මේ මොහෙතෙ උබෙ ඔලුවෙ ජනිත උනාද උන් තාම ජීවතුන් අතර ඉන්නවද ඇත්තටම උබට ඒවලින් සතපහක වැඩක් තියනවද, ඒත් ඇය නිදාගෙන ඉද්දි උබ කීපරක් ඇයගෙ හිස ඉබල තියනවද , නෙත් පියවුන පියකරු මූණ දිහා බලන් මතක දාහක් එක්ක සතුටු වෙලා තියනවද, ඉතිං ඒව උබට ඒකි ඇස් ඇරන් ඉද්දි කරන්න බැරිද පොඩ්ඩක් හිතපන්

එදා වගේම මේ තප්පරේදිත් තක්කෙටම ,හරිම නාඩියටම උබෙ මතක වලින් පපුව කොනිත්තන්න පුලුවන් කාටද, මේ සංකීර්ණ සම්බන්දෙ මොකක්ද,ආදරය කියන්නෙ ඒකද . උබ මෙච්චර හිතනවා කියල එයා දන්නවද , නැත්නම් උබෙ මූණෙන් පේනවද, හැසිර්‍රිමෙන් දැනෙනවද, එක්කො උබට ඒක ඇයට නොපෙනුනත්නො දැනුනත් ගානක් නැද්ද ඒත් උබ තාමත් හිතනවද, හිතෙන ඔක්කොම දනවන්න උබට පුලුවන්ද.නැත්නම් ඉස්සර වගේම ඇය ඔක්කොම තේරුම් ගනී කියල හිතනවද, උබට වගේම ඇයටත් මහන්සිද , ඒක උබ ඇයගෙන් ඇහුවද, පොඩ්ඩක් හිතපන්

තව අවුරුදු කීයක් උබ ජීවත් වෙන්න හිතන් ඉන්නවද , කලින් මැරෙන්නෙ ඇයද නැත්නම් උබද, එක්කො උබ හෙට මැරෙයිද , මැරෙන වෙලාව දවස දන්න එකෙක් ඉන්නවද, 

මරණමංචකයේදි උබට අන්තිමේට බලන්න ඕන කාගෙ ඇස් දිහාද , ඉතිං එහෙනම් ගිහින් ආපහු එන්නම් කියන්න ඕන කාටද, මෙච්චර කල් හිතලයි  නොහිතලයි  හිත රිද්දුවට මට සමාවෙන්න උබත් එක්ක ජීවිතේ බෙදාගත්තට බොහොම ස්තූති, උබ වෙනුවෙන් කැපවුනාට බොහොම පිං 

ඒක උබට  කියන්න පුලුවන් කාටද" ඇත්තටම උබට ඒක කියන්න ඕනද , ඕන උනත් උබට ඒක කියගන්න පුලුවන් වෙයිද, උබ මේ සංසාරෙ කී පාරක් ඇයට සමු දීල ඇතිද , නැත්නම් හමු වීල ඇතිද නැත්නම් මේ අන්තිම පාරද , 

පොඩ්ඩක් හිතපන් ආයෙ ආයෙම හිතපන් 

නෙල්ලිPrince

2 comments:

  1. I’ am glad to see your inner writer spark back to life once more ♥️ love it 🥰

    ReplyDelete
  2. Sonali Liyanaarachchi21 September 2024 at 18:46

    Love these thoughts

    ReplyDelete