My Blog List

Monday 12 November 2018

ගෙදර බුදුනට පසගලනු බැහැ ඔවුන් වැඩිහිටි පංතියේ .......




දගේ කරමින් උන් අතීතෙක මතක ඉදහිට සිහිවෙලා
වගේ දැනුනා අසල උණුහුම ගතේ වෙලෙමින් දැවටිලා
"මගේ අයියා" සවන මුමුණන පුරුදු ඇමතුම සැගවිලා
නගේ කවදා මුනගැහේවිද දෙදෙන සතුටින් හිනැහිලා


අහබු මා නෙතු නුබව දුටුවම තාම හිනැහෙයි පැංචියේ
කොහොම කෙලෙසක අදහගනු නැහැ උන්නු අපි එක වංගියේ
ගෙදර බුදුනට පසගලනු බැහැ ඔවුන් වැඩිහිටි පංතියේ
නොපැතු ලෙස දුර ඉන්න සෙනෙහස තාම එහෙමයි නංගියේ

8 comments:

  1. අවාරෙට පොල් වැටෙන්න වගේ නැතිව දිගටම ලියමු නෙල්ලියෝ .... 🙂

    ReplyDelete
  2. නෙරංජන් ,
    මම ලබන අවුරුද්දේ මුලදී සවන අන්තර්ජාල රේඩියෝවට කවි ගැන වැඩසටහනක් කරන්න ඉන්නවා . ඔබේ කවි එමගින් ඉදිරිපත් කිරීමටත් , සංවර්ධනාත්මක ප්‍රතිචාරයක් ( Constructive Feedback )සම්පත් දායකයින් මගින් ලබා දෙන්නත් පුළුවන් . ඔබේ කැමැත්ත සහ අවසරය මගේ විද්යුත් ලිපිනයට එවන්න . වැඩසටහන් ආකෘතිය සහ ඔබේ පුර්ව පිටපත සහ අවසන් පිටපත විද්‍යුත් තැපෑල හරහා බෙදා ගන්නම් . අනුරුද්ධ ......ahasgawwa1@gmail.com

    ReplyDelete
  3. බොහොම ස්තූති මම
    විද්‍යුත් තැපෑල මගින් එවන්නම්

    ReplyDelete
  4. ඇති යන්තම් නෙල්ලි ආයෙත් ලියල !

    හරිම ලස්සණට ගෙත්තම් කරලා තියෙනවා .

    ReplyDelete
  5. ඔබ මට දෙන සහයෝගයට ස්තුතියි . පුළුවන් නම් ඕස්ට්‍රේලියාවේ , එංගලන්තයේ , ඉතාලියේ සහ මැද පෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මගේ බ්ලොග් ලියමන් කියවන්න, අහන්න සහ බලන්න ඔවුනට ලගාවිය හැකි විදිහක් කියන්න . එය මටත් මා සමග කැනඩාවේ සිට නිර්මාණකරණයේ යෙදෙන අනෙකුත් සාමාජික යන්ටත් අනෙකුත් ජීවන කටයුතු මැද්දේ මහන්සියෙන් කරන නිර්මාණ වෙනුවෙන් ප්‍රතිචාර ලබාගැනීම සදහා පිටුවහලක් වෙතැයි හිතනවා .

    ReplyDelete