My Blog List

Saturday, 21 September 2024

පොඩ්ඩක් හිතපන්

 


උබ ඇයට ලංවූයේ කුමන අරමුණකින්ද ඇගේ රූපය උබ මනබදිනාද, අගේ ගතිගුණ උබ ලොබ බදිනාද, ඇගේ ඇසුර උබ හද පිනනාද,  ඒ සියල්ල කැටිවූ මොකක්දෝ ලබ්බක් උබට ඇය නොමැති ගමනක් හදාගන්නට දෙන්නේ නැතිද, උබේ අප්‍රකාශිත ප්‍රේමයේ බන්දනය, ඈගේ අප්‍රකාශිත ආදරයේ කැඩපතද  සමහර ආදර කතා බරපතළ බව උබ නොදනීද නමුදු එය අපව සදාකාලිකවම ජීවත් කරනවා නොවේද. මෙන්න මේකයි කියා ලඝු කරහැනුමට නොහැකි අමුතුම සොදුරු බැදීමක උබ ස්වකැමැත්තෙන්ම පැටලී ඇතිද. ඉතිං උබ ඇය තම සතුකරගත්තාද පොඩ්ඩක් හිතපන්

විරුද්ධ  පක්ශයට ආලය කිරීමට උබට දැනෙන හරිම හැගීම හටගත්තේ කොතනකදීද, ඇත්තටම උබ ඇයට ආදරෙයිද, උබ කැමති සහ ඇකමැති සියලුම දේවල් ඈ කලත් තාමත් එක වචනයකට උබේ පපුව හිරිවැටෙනවාද ,ඔලුව අංජබකල් වෙනවාද, සබ්බසකලමණාවම පැත්තකින් තබා ඇය සැනසූ මතක , ඇගෙ පිනවූ සිතක , මතක පොලු වී පැමිණ වාරික වශයෙන් උබේ උබේ ඔලුව පලනවාද ,ඒ දේවල් තවමත් උබ කරනවාද. ඇයගේ ජීවිතයේ සියලුම අසු මුලු දන්නා එකම පිරිමියා උබ නෙමේද. උබට දැන් ඒවා අමතක වෙලාද පොඩ්ඩක් හිතපන්

උබ අන්තිමට ඇය ආදරෙන් සිප වැලදගත්‍තේ කවදාද, එදා උණුහුම තාම උබෙ උබේ ලේ මස් ඇට නහර සුසර කරනවාද ,  උබ දැන් සතුටින් ද ජීවත් වෙන්නෙ කියල සිරාවටම උබ උබෙන් කී පාරක් අහල තියනවද ,ඇය උබත් එක්ක ඉන්නෙ සතුටින්ද අඩුගානෙ බොකක් දාද්දි හරි ඒක ගැන හිතුවද පොඩ්ඩක් හිතපන්

උබේ ආදරේ සංක්‍යාතය එදයි අදයි එකමද , උබට දැන් මහන්සිද ,නැත්නම් හතිද , එහෙමත් නැත්නම් උබ පට්ට බිසීද , ඒත් ඇයට එතිලම ඉන්න හිතෙන මොකක් හරි දෙයක් තාමත් හිතනවාද ඉතින් උබ එතුනද නැත්නම් ඔතන ගමන් හරි මේවා ගැන හිතුවද, යටි හිත කීරි ගහන වෙන කාටවත් නැති ඝනකම් ලෙංගතුකමක් උබව හැමවෙලේම පිරිමදිනවද ඒක හිතේ විතරක් තිබ්බම ඇතිද පොඩ්ඩක් හිතපන්

උබට මේ වගේම තව කාට හරි ආදරේ හිතිල තියනවද , එක්කො ආස හිතිල තියනවද, මේ දැන් මතක් කලොත් ලස්ස්න පුකවල් කීයක් ඔලුවට ආවද , ලස්සන හංස ජෝඩු කීයක් ඔලුව වටේ ඉගිලුනාද ,එහෙමත් නැත්නම් පට්ටයි කියන වනිතාවන් කීයක් උබට මේ මොහෙතෙ උබෙ ඔලුවෙ ජනිත උනාද උන් තාම ජීවතුන් අතර ඉන්නවද ඇත්තටම උබට ඒවලින් සතපහක වැඩක් තියනවද, ඒත් ඇය නිදාගෙන ඉද්දි උබ කීපරක් ඇයගෙ හිස ඉබල තියනවද , නෙත් පියවුන පියකරු මූණ දිහා බලන් මතක දාහක් එක්ක සතුටු වෙලා තියනවද, ඉතිං ඒව උබට ඒකි ඇස් ඇරන් ඉද්දි කරන්න බැරිද පොඩ්ඩක් හිතපන්

එදා වගේම මේ තප්පරේදිත් තක්කෙටම ,හරිම නාඩියටම උබෙ මතක වලින් පපුව කොනිත්තන්න පුලුවන් කාටද, මේ සංකීර්ණ සම්බන්දෙ මොකක්ද,ආදරය කියන්නෙ ඒකද . උබ මෙච්චර හිතනවා කියල එයා දන්නවද , නැත්නම් උබෙ මූණෙන් පේනවද, හැසිර්‍රිමෙන් දැනෙනවද, එක්කො උබට ඒක ඇයට නොපෙනුනත්නො දැනුනත් ගානක් නැද්ද ඒත් උබ තාමත් හිතනවද, හිතෙන ඔක්කොම දනවන්න උබට පුලුවන්ද.නැත්නම් ඉස්සර වගේම ඇය ඔක්කොම තේරුම් ගනී කියල හිතනවද, උබට වගේම ඇයටත් මහන්සිද , ඒක උබ ඇයගෙන් ඇහුවද, පොඩ්ඩක් හිතපන්

තව අවුරුදු කීයක් උබ ජීවත් වෙන්න හිතන් ඉන්නවද , කලින් මැරෙන්නෙ ඇයද නැත්නම් උබද, එක්කො උබ හෙට මැරෙයිද , මැරෙන වෙලාව දවස දන්න එකෙක් ඉන්නවද, 

මරණමංචකයේදි උබට අන්තිමේට බලන්න ඕන කාගෙ ඇස් දිහාද , ඉතිං එහෙනම් ගිහින් ආපහු එන්නම් කියන්න ඕන කාටද, මෙච්චර කල් හිතලයි  නොහිතලයි  හිත රිද්දුවට මට සමාවෙන්න උබත් එක්ක ජීවිතේ බෙදාගත්තට බොහොම ස්තූති, උබ වෙනුවෙන් කැපවුනාට බොහොම පිං 

ඒක උබට  කියන්න පුලුවන් කාටද" ඇත්තටම උබට ඒක කියන්න ඕනද , ඕන උනත් උබට ඒක කියගන්න පුලුවන් වෙයිද, උබ මේ සංසාරෙ කී පාරක් ඇයට සමු දීල ඇතිද , නැත්නම් හමු වීල ඇතිද නැත්නම් මේ අන්තිම පාරද , 

පොඩ්ඩක් හිතපන් ආයෙ ආයෙම හිතපන් 

නෙල්ලිPrince

Friday, 10 May 2019

ආල වන්තම තාත්තාගෙ ඇස් නුබ ගැනම නිති ඇත රැදී.

ඔයා දැන් ඉස්සර වගේ බ්ලොග් ලියන්නෙත් නැහැ , ගිටාර් ගහන්නෙත් නැහැ , ලංකාවට ආවට පස්සෙ මොකුත් කරන්නෙ නැහැ, So Boring…” කිරිල්ලිය දොස් මුරයක් කනට තබා පයින් ගසන්නට විය. කියනා දේත් හැබෑය, එවන් අවස්තාවල නෑහුනා සේ පසුබැස්සද සති ගනනක් පුරාවට සුමධුර ඝාංඨාර නාදය මා දෙසවන් පිනවයි. එහි ආනිසංස පාඨක ඔබ මේ දැන් අත්විදී.

නෙල්ලිට වඩා බොහෝ සෙයින් ගිටාර් වදනයේ ප්‍රවිණයෙකු වූ චතුල මල්ලී ගුරුහරුකම කරන්නට එකපයින් කැමැතිය, හා මා හමුවූ කල සප්ත සවරයට එහා ගිය ග්‍රහලෝක​ ස්වරය සුසර කිරිම දිනෙක සංගීතයේ නිම් වලළු පුලුල් කරනු ඇතැයි සාධාරණ සැකයක් අප දෙදෙනා තුල මෙන්ම අත්වැල් වාදනයට නිබදවම පැමිණෙන නෙල්ලිගේ ආදර මස්සිනාරත්නය වූ අදීශයා තුලද නිසැකය. ඕමාන් දේශයේ මාගේ වාදක ගුරාණන් වූ පපා බෝයි දිනක ඔහුගේ එකම ගෝල පුරුක ගැන උදම් වනනු ඇත.කෙසේ හො වේවා ගිටාර් වැයීම යලිත් ඇරඹුවෙමි.


මේ පරිච්චේදය කිරිල්ලියගේ දෙවන පැමිණිල්ල වූ ලියමන ගැනය.අවසර නොගැනීම හා ඡායාරූප හොරකම්කරණය පිළිබද චතුල මල්ලීගේ ආදර බිරිද ටුටූ සමාව දෙනු ඇතැයි සිතමි කිම්ද යත් නිර්මාණකරනයක ඇයගේ මූණු පොතේ පලකල පෝස්ටුවක් වස්තු බීජය වීම නිසාවෙනි. හුදෙක් සිතක උද්දීපිත සිතුවිලි මාලවක් අකුරු කලෙමි.


  
දෑල ගං  දිය නේක හසරැලි සේම කදුලැලි හා වැදී.
කාල යත් නොදැනීම  ගතවී ඈත සයුරට යයි ඇදී.
කෝල සුකුමළ දූ කිනිත්තගෙ දිවි මගේ නැතිමුත් බැදී.
ආල වන්තම තාත්තාගෙ ඇස් නුබ ගැනම නිති ඇත රැදී.

ලගින් ඉද හුරතල් කරන්නට ඔවා දෙන්නට හිතෙනවා.
කනින් ඇද සනහසින් දූගෙ හිස සිඹින හැටි මැවෙනවා.
දිනෙන් දින පුන් සදක් විලසින් දිවි ගැබේ උබ දිලෙනවා.
භවෙන් දුර කින් ඉන්න මුත් ආඩම්බරේ සුව විදිනවා.

නැගිනි සසරක පුරුදු සිතුමක් එදත් දූ සද මගෙමය.
හැගිනි ආදර පැතුම් සහසක් දිරි දෙවන්නට උරුමය.  
දැනිනි ලග නැති කමේ රිදුමක් තාත්තා යා යුතුමය.
දුවනි කිසි දා හදින් නොමියමි මතු භවෙත් මා නුබෙමය.    

නෙල්ලිprince.

Monday, 12 November 2018

ගෙදර බුදුනට පසගලනු බැහැ ඔවුන් වැඩිහිටි පංතියේ .......




දගේ කරමින් උන් අතීතෙක මතක ඉදහිට සිහිවෙලා
වගේ දැනුනා අසල උණුහුම ගතේ වෙලෙමින් දැවටිලා
"මගේ අයියා" සවන මුමුණන පුරුදු ඇමතුම සැගවිලා
නගේ කවදා මුනගැහේවිද දෙදෙන සතුටින් හිනැහිලා


අහබු මා නෙතු නුබව දුටුවම තාම හිනැහෙයි පැංචියේ
කොහොම කෙලෙසක අදහගනු නැහැ උන්නු අපි එක වංගියේ
ගෙදර බුදුනට පසගලනු බැහැ ඔවුන් වැඩිහිටි පංතියේ
නොපැතු ලෙස දුර ඉන්න සෙනෙහස තාම එහෙමයි නංගියේ

Tuesday, 26 June 2018

ගල්කිස්සේ ගණිකාව​.

මේ බ්ලොගය නෙල්ලිගේ දිවියේ හමුවූ තවත් එක් සොදුරු ජීවියෙක් ගැනය​.කිරිල්ලිය (මගේ ප්‍රිය බිරිඳ) හමු වූ හැටි ලියූ දාට එය මා ලියන අවසාන ලියමන වනු ඇත​. මා උසස් අධ්‍යාපනය ලැබුවේ පුද්ගලික සරසවියක් වූ ICBT එකේය​.නිදහස් අධ්‍යාපනයේ හිනිපෙත්ත අහිමිවූ බොහොමයක් මගේ සගයන් විය.ප්‍රමාණ සමීක්‍ෂක (Quantity Surveying ,) වෘත්ථිය සුපිරියටම මාර්කට් වූ යුගයක Dubai , Qutar ඉහල වැටුප් දීමනා සිහිනාරූඪ කරගෙන අපිද QS සිසුහු වීමු. 
"ආ පුතා ගොඩ දවසකින් මොනවද කරන්නෙ දැන්" .... "
QS කරනවා ආන්ටි"
 " මොකක් මොනවා කරනවා කිව්වා" 
සමාජයේ එකෙකුටවත් ඒ ගැන සියුම් අදහසකුදු නොවීය​. 
"නැහැ ඒක මේ Construction related Engineering  වගේ සීන් එකක්”
 යාන්තමින් ජාමේ බේරාහැනුමට එය ප්‍රමාණවත් විය​. මේ අතීතාවර්ජනය අවුරුදු ගානකට එහාය​.

මුල්ම දින Oriantation එකේ හමුවූ චොරයා(ඌට ඒ නම වැටුනේ පසුවය​) නෙල්ලිගේ ප්‍රථම මිතුරු පරාණයයි. ඌද පත්තරේ තිබු ඉහල වැටුප් දැක ඇවිත් තිබුනේ Male Nurse කෙනෙක් වීමට තිබූ අශාව පසෙකලාය​. "ඕක හරියන වැඩක් නෙමේ" දවසට සිය වතාවක්වත් ජප කරන මූ QS Digree එකද සාර්ථක ලෙස නිමා කොට Canada වේ Food Managing Field එකකඉහල තනතුරක් දරන්නෙ QS මිනිහාට හරි නොගිය නිසාමය​.




5 Girls  V 60 Boys සිටි අපේ Batch එක මුලු තම්බපණ්නියම නියෝජනය කලේය​.තක්කෙටම එදා IT Lec එකකි.Computer Lab එකේ අසුන් සියල්ල සුන් වී ගොසිනි. චොරයාද කේක් ගෙඩියක් තිබ්බාසේ වාඩි වෙලාය​.එකම ඉඩක් ඇති මුත් ඊට එහා පැත්තේ හයේ හතරේ කෙල්ලෙකි. කේශ කලාපය අතවරයකට ලක්වූ Maggi Noodles එකක් වගේය නමුත් බැලූ බැල්මට අව්ලක් නැති සෙයකි. සිනාවකින් Excuse පාරක් අනුමත කරගෙනම අසල ඉඳගතිමි. මගේ කිරිල්ලිය කියනා පරිදි ඒ නෙල්ලිගේ මල් හිනාවය​. Batch එකේ එකිනෙකා තාම අලුත්‍ ය කතා බහක් ඇත්තේම නැත​.කොළඹ කොල්ලන් ගේ සබකෝලය උපරිම අගයකි. නෙල්ලිPrince හිටංගේ ගමේය හිටංගේ පාසලේමය පොලොන්නරුව රාජකීයේය, දැන් නම් ගමේ නම කිව්වත් හමයන්නට කන්න වෙන තැනට අපිට හිටං ඇරලාය. කුඩා කල සිටම සහෝදරියන් අට දෙනෙක් සමග කෙලිදොලෙන් කල් ගෙවූ නෙල්ලිට විරුද්ධ ලිංගිකයන් කෙරේ සබකෝලය ශුන්‍ය අගයක් ගත්තේය​.කුමක් හෝ විෂයානුබද්ධ කරුනක් පිළිබඳ පොඩි Talk කක් Noodles හා දැම්මා මතකය​. ඒ ඉදගත්තු ඉදගැනිල්ල  දිවිය පුරා දිවයන්නක් වෙතැයි කෙලෙසකවත් නොසිතීමි.

නංගී කියනා පරිදි එකිනෙකා ස්වකීය කෝණ තුලින් ලෝකය දකියි ඊට අනුගතව ඔවුනොවුන් සමාජයේ හැසිරෙයි.ඇයට අනුව කිරිල්ලිය ඇයට මෙතෙක් හමු නොවූ අමුතුම කෝණයකින් ලෝකය දකින ජීවියෙකි.Shape කෝණය , නිහඩ පිළිවෙත් කෝණය , Direct Talk කෝණය ආදී නේක අර්තකථනයන් වර්ගීකරණය  කොට කෝණීකරනය කල හැක.​Noodles ද ඒ අමුතු ජීවී සාමාජිකාවකි. සිතට එන දේ එලෙසින්ම වචන කරන ඈ හරිම අව්‍යාජය බොක්කේ දඩමස් හක්කේ බුදුරැස් න්‍යාය ඇත්තේම නැත​ එනිසාම ඇයව නොරුස්සන හුදී ජනයා බොහොමයකි.වැඩි කාලයක් ඔටුවන් සිටින දේශයක වාසය කිරීම නිසා බර සිංහල ඇයට මදක් නුහුරුය.දවසේ මුලින්ම ඇසුන Radio ගීතය උදේම Lec එකේ අපි සිංහල Lyrics Vs  English Translation කිරීමු, එය ඉතාම ආශ්වාදජනකය​. ජෝතිපාල මිල්ටන් ක්ලැරන්ස් එකල අප සමග QS ඉගෙනගත් ශ්‍රීලාංකික ගායකයෝ වෙති. Girls Row එකේ හැමදිනකම ඉදගැනුම මතභේදයට තුඩුදුන්නකි කතන්දර කටකතා එමටකි නෙල්ලිට ගානක්වත් නැත බකපන්ඩිත මා හැමදාම කලේ මට උවමනා දෙයමය​.

දිනක් නෙල්ලි Back Row එකේ චොරයා සමග ඉදගත්තේය. ඌ සමග විසීමද ආතල් කෝටියකි. Qs Practice lecture එකේ Black Specs පළදින ගුරුතුමිය උගේ ශබ්දකෝෂයේ Naughty Teacher ය.චොරයා ඌ අසල සිටි අනෙකාගේ රැව්ල අතගාමින් ආදර දෙබසක් මුමුණමින් සිටියේය.

“මට ඉන්න බැහැ යකෝ තෝව දැක්කම මාව ඔද්දල් වෙලා කාමුක වෙනවා”
අනෙකා : “ මාව කාපිය එහෙනම් වේසාව”
අපි නොසිතූ පරිදි සෙනයකින් ක්‍රියාත්මක වූ චොරයා උගේ T Shirt එකේ කර පෙදෙස පහලට ඇද පපු පෙදෙස අනෙකාට පෙන්වූයේ “කාපිය මගෙ එක කියාය” 
අවාසනාවක මහත අප දෙසට එමින් සිටි Naughty
 Teacher එම Closeup එකෙන් සිහිසුන් නොවූයේ නූලෙනි.උප්පත්තියෙන්ම බතලයෙකු වූ චොරයාගේ හිරිකිත දසුනින් එකතැන යූ Turn එකක් ගැසූ ඇය විදුලි වේගයෙන් ඉදිරිපසට ගියේ නැවත නොයෙන්නටය.

Men & Women දෙපිරිසම සම ලෙස නෙල්ලි Prince ඇසුරු කිරීම නිසා Noodles මා හැදින්වූයේ Mount Lavinia Bisexual Prostitute කෙනෙක් ලෙසටය.එතකින් නොනැවතුනු ඈ නෙල්ලිව white Board එකේ සිතුවමක් කරන්නේ ගල්කිස්සේ ගණකයන් සොයා එන පාරිභෝගිකයන්ගේ හිතසුව උදෙසාය.මේකි සමග සිටීමද දෙවනි වූයේ චොරයාට පමණි. සිදුවූ ඔක්කොම ලියන්නට ගියොත් මේ බ්ලොග් එක නොනවතිනු ඇත දැනටමත් ගොඩක් ලියා ඇති සෙයකි.




කෙසේහෝ වේවා වත්මන මැදපෙරදිග රටවල් දෙකක කාර්‍යබහුල දිවි පෙවෙත් දෙකක් ගෙවන අප දෙදෙනා දුක සැප දෙකෙහිදීම නොවෙනස් අට වසක මිතුදමකට උරුමකම් කියමු, ඇය කෙදිනක හමුවුණත් , කතා බහ කලත් ඒ බැදීම එමමය එලෙසමය. මා ලගින්  ඇසුරු කරන ගැහැණු පරානයන් බොහෝ දෙනා කිරිල්ලිය දනී මේ ලගකදී නෙල්ලි හදිසි රාජකාරි කටයුත්තකට Dubai ගිය අවස්තාවේ Noodles හමුනොවීම පිළිබද දොස් නැගුවේ කාටත් පෙර ඇයයි. 

“මාව දැක්කම රවන ගෑනුත් එක්ක බැලුවම උබෙ wife නම් සිරා ඕයි Prosti” 

Noodles දිනක් කිව්වා මතකයඒ ඇයගේ වාග් විලාශයයි .කවියක් නොලියා සිටීමට නොසිතෙයි එහෙත් බහුශ්‍රැත සිංහල නොතේරෙන ඇයට සංධි , එලිසම , ගලපා කවි පද කලොත් එය translate කර වන්දි ගෙවීමට නෙල්ලිට සිදුවනු ඇත.සරල බසින් පොස්ටුවම නිමකලේ ඇයද මගේ Blog පාථිකාවක් නිසාමය.

අසුන් නොමැතිව වටේ කැරකී නුබට දැම්මෙමි හිනාවක්
හසුන් පත් උවමනා නොමවිය මිතුදමට අට කලාවක්
වසන් කරනට නොම හැගෙයි යෙහෙළියේ උබ නිල් වලාවක්
අසන් නට හිතෙනවා නිකමට දුන්නදැයි මට ඉනාවක්




නේක උදවිය හමුවෙලා ඇති අපට හෙටටත් හමුවෙතේ
කෝක ආවත් ඉතිරිවෙන ටික දෙනෙක් ඇත දිවි මාවතේ
දාක වන්නට හොදම මිතුරිය නෙල්ලිprince ගෙ හදවතේ
මේකි කිසිදින හීනෙකින්වත් නොසිතා ඉන්නැති මගෙහිතේ. 

Monday, 26 March 2018

පෙමක් පහදනු නොමදනී



අදුරු මීදුම් පටල විනිවිද දකින එලියෙන් මත්වෙලා
කොදුර කොදුරා රහස් මුමුණයි සවන් යුග කුල්මත් වෙලා
සොදුරු හීනෙක පාට සිතුවම් නුවන් යුග මන්මත් කලා 
ඉදුරු පිනවන ප්‍රේමයද මේ සබද පවසනු පහදලා

ඈත දිදුලන පහන වෙත යයි නොමදිලේවිද නොමහැගී
මෑත සවනත ඇසෙන කෙදිරුම අසල ගැවසෙයි ලුහුබදී
ගීත සිහිනය මැවෙයි නිබදව පියවි නෙතු අවැසිම නොවී 
දූත කම් තව අවැසි නොමනෙද පෙමක් පහදනු නොමදනී

පොකුරු වැහි ගේ "ප්‍රේමයෙන් බැදීම යනු...." කියවා ලියවුනු පිළිතුරු කවක්....