My Blog List

Sunday, 28 January 2018

මනෝකල්පිත සෝෆාව

බොහෝ කලකින් නොලීමි, කර්යබහුලත්වය යෙදුම සධාරණිකරනය සදහා භාවිතයටද අකමැත්තෙමි.නොම ලිවීම කොච්චියා , සදවතිය ඇතුලු බ්ලොග් ඈයන්ගෙ නොමද පැසසීමට මා බදුන් කරන්නක් විය."උවමනාව ඇතිනම් ඕන වැඩක් කරන්න වේලාව තියනවා" නෙල්ලි අතීතයේදී එසේ කියා කිරිල්ලියට ( මගේ බිරිදට ) ලොරි ටෝක් දී ඇත , ඒ ලොරියෙන්ම ඇය මාව යටකරන අවස්තා වර්ථමානයේ නැතුවාම නොවේ. රැකියා මද්‍යස්තානයේ Muscat ප්‍රධාන කාර්යාලයේ සිට දුර බැහැර ව්‍යාපෘතියකට ලැබූ අනුයුක්තවිම ජෙනරල් මැනේජර්ගේ මව සිහිගැන්වුවද මව් ගුණ කෙසේ නම් වයන්නද සිතා නිරුත්තර උනෙමි. නුපුරුදු සලලා නගරයේ නේකවිධි නව මුහුනු අතර Muscat මිතුරුකැලේ හුරුපුරුදු සාමජිකයන් වූ දේෂා සහ සුගත් අයියා නව නිවස්නක් සොයගන්නා තුරු මාගේ භාරකාරත්වය ගැනීම සිතට එක අස්වැසිල්ලක් විය.උන්ගේ ගෙදරට නිශාචර සක්මන්හි යෙදෙන උපේක්ෂයා සහ ගොඩයාද නියම ජොකියන්ය අපටම ගැළපෙන උන්ය, එකම කුසුමකට පෙම් බදිනා බඹරුන්ය.

තමා සන්තකයේ ඇති බැදීම් ඇසුරු මානයේ පවතිද්දී එහි වටිනාකම මාත්‍රික අපගමනයන් නිර්මාණය කරන්නාසේ හැගුනද,  මොහොතක අහිමිවීම සිත චන්චල කරයි. බැදීමෙහි අල්පමාත්‍රික අගයකුදු නොවෙනස්ව ඇති බව ප්‍රත්‍යක්ෂ කිරීමට අහිමි මොහොතක ජනිත සිතුවිලි සමත්ය. ඉද හිට හෝ එසේ වීමද අමුතුම ආතල් එකකි. සාලලා නගරයේ කිරිල්ලිය සමග නව පදිචියට සියලු කටයුතු කාරනා සoතෘප්ත කරගැනුමට තව මසක කාලයක්වත් ගතවනු ඇත, දේෂාගේ ගෙදර මට හිමි සොෆාවේ මනොකල්පිත සෙයියාවකින් ඇලවී සිටිද්දී මුහුණුපොතෙහි දුටු එක පොස්ටුවක් බොක්කටම වැදුනේය.


සරළ පබැදුමක ගැඹුරු අරුතක් සොදුරු බැදීමක යතාර්තය මගේ යටි සිත කම්පනය කලේ නිතැතිනි. නිර්මාණයක් තමන්ගෙ ගැලපෙන වපසරියට ආදේශකරගෙන රහබැලීමට හැකිනම් නියම රස එයමය. මූහුණුපොතේ  හිටන්ගෙ චතුරිකාගෙ මයිලෝ පොස්ටු අතර මෙවැනි නෙත ගැටුම්, එකිනෙකා අතර ඇති සබදතාවල සුහදත්වයේ හරය , අරය අනන්ත වෘර්තයක වර්ගඵලයටත් එහා බව හදවතට පසුකම්පන කරයි. කිරිල්ලියට ඕවා තේරෙන්නේ නැතිය.ගැහැණු සිතක් කිසිම දෙයකින් සෑහීමට පත්වන්නේ නැත යන්න මා උගෙන බොහෝ කල්ය.ලග ඉන්නා විට "ඔයා මට දැන් ඉස්සර වගේ ආදරේ නැහැ" වැකිය දුර සිටියදී වුවද එක සේම Applicable ය.ඒ අතරතුර "ඇයි ඔයා මට මෙච්චර ආදරේ" කියාද ඇය අසයි මගේ මොලය Vibrate වෙන්නේ එවන් අවස්තාවලය.ඒ වැකි දෙකම ඇය අසන්නේ සිරාවටම බව මම දනිමි ලවය බෙදීම හරය මා සිත සනසයි. දුර ලග කෙසේ හෝ වේවා එකම බැදීම එකම ස්වරයකින් ස්වකීය හද තුල අනුනාද වන බවත් ඉන්නා ඉසව්ව මත ප්‍රත්‍යක්ෂ වීම් හා අපගමනය වන්නා වැනි හැගුම් දනවන බවත් සෝෆාව මට කියා දී ඇත්තේය.කලින් ගමන් යන්නෝ කව් රුන්දැයි අපි නොදනිමු ජීවිතය එයයි පෙරකීම් කල නොහැක නමුදු කවිකීම් කල හැක..



Wednesday, 8 February 2017

කවි දෙකක්..

"හරි උඹ කියපන් ආදරේ කියන්නෙ මොකක්ද" කොච්චියා ඇසුවේය. මොලයේ නහර ගැට ගැහෙන තෙක්  සිතුවත් මගේ පිළිතුර ගොළුකම ම විය. ඔන්න බලපන් මුගෙන් ඇහුවම දෙන්නෙ නැද්ද කියල විනාඩි දෙක තුනක Definition එකක්, මා අසලම විස්කි තොලගාමින් සිටි ඔහුගේ හොදම මිතුරා පැනයට ලක්විය. කොච්චියා කීවේ සැබෑවකි  “ආදරේ ඉතින් අපිට ඕනේ. බිරිද, ළමයි ඕවා තමා ඉතින් දැන් බලපන් මම උඹට අදරෙයි, උඹ මට අදරෙයි.. මූ කියාගෙන කියාගෙන ගියේය. නෙල්ලිගේ මොලේ නහර තවත් ගැට ගැහුනී. සැබෑ ආදරය, කොන්දේසි විරහිත ආදරය හා ඒ අතරට maths ද කොච්චියා පදමට ඇනූ විට මගෙ මොලය කැලතුනි. මේ ලියන්නේ ඒ සංවදය ගැනනම් නොවේ. තවත් දිවියේ හැඩතල මැවූ හමුවීමක් ගැනය.

මා කොළඹ රැකියාව කළ කාලයේ මොරටු සරසවියෙන් ආයතනික පුහුණුවට තෙමස් පරිවාස කාලයකට පැමිණෙන ඈයන් බොහොමයක් මුනහැසී ඇත. ඒ අතර මා සිත් ගත් හුරුබුහුටී තරුණියක් විය. ඇය කටකාරය, දගකාරය. එමෙන්ම හැඩකාරය. ඔෆීසියේ ඉඩකඩ සිමිත වු බැවින් ඇයට මගේ මේසයේ කොනක ආසනයක් පිරිනැමින. නොබෝ දිනකින් එකිනෙක දොඩමලු විය. මගේ හොද මිතුරියක් විය. ඔෆීසියේ ගොසිප් සේවය නම් කිවේ මා ඇයට පෙම් බදින බවයි. එනමුදු මසිත වෙන පෙමකය. ඈ එය දනී. ඇගේ සිතද වෙන පෙමකය. මා ද එය දැන සිටියෙමි.

 වරෙක ඇය ජනෙල් කවුලුව තුලින් හිස් අහස දෙස  ඉබාගාතේ බලා සිටින්නීය, ඇයගේ සිහින් දිගැටි පාගිලි මා දැක අත්තෙමි. දස්කොන් ප්‍රමිලගෙ උපන් ලපය දුටුවේ අහම්බෙනි. නොසිතූ නොපැතූ අයුරකින්මය. මෙයද එසේමය. වාසනාවකට මෙය තිබුනේ කකුලෙහි නොවේය. ගෙලට පහලින් ලැමට ඉහලින් පිහිටි සිහින් උපන් ලපයද මා දැක තිබු ඒවා අතර විය. වෙනසකට තිබුනේ මාගේ ප්‍රමිලාව හා ඇයගේ දස්කොන් අපි අපිම නොවීමයි. එනිසා නෙල්ලිගේ හිසද කිසිවෙකු ගසා දැමුවේ නැත. මේ තරම් නිමිති පෙනෙද්දී කවි සිතක් කෙලෙසක වාවම්ද. මේ ඇය තුලින් මම රසවිදි මගේ සිහිනයි. මේ ඇයට ලියු පළමු කවියයි.


එබී කවුලුව තුලින් බලනා විට අහස් ගැබ හැඩ වළා
එකක් දිගැටිව පිහිටි පා තුඩු සිහින් බව මම සැක කලා
අහම්බෙන් හෝ එකම සළකුණ නුඹේ ලැම මැද පිහිටලා
වෙනත් කිසිවෙකු නොවේ සොදුරිය මගේ සදවත සිහි කලා

කාලය කෙමෙන් කෙමෙන් ඉගිලින. පරිවාස කාලය හමාර වන්නට මොහොතකි. නික්ම යන ඇය ගැන කිසිදු තැවුලක් සිතෙහි නැති නමුත් ඇයට සුබපැතිය යුතුය. ඒ අනාගත සුබ සෙත උදෙසාය. ඇය ලoකර ගැනීමට හෝ හිමිකර ගැනීමට අල්පමාත්‍රික රහස් හැගීමක්වත් හද තුල නොවීය. නමුත් කවි සිතක් කෙලෙසක පහදම්ද. මේ ඇයට ලිවූ අවසන් කවයි.

සහස් සුවහස් කාලයක් නුඹ සැපෙන් සතුටින් වෙසේවා
දහස් ගණන්ක් සොදුරු මල් වැසි වැටී  ඉන් ඔබ තෙමේවා
රහස් අදහස් නැතේ මා සිත සිතූ පැතු දේ ලැබේවා
එහෙත් තනිකඩ උනොත් යම්දින මුලින් මට එය ඇසේවා

ළගදී මූණුපොතේ ඇය ද අතිනත ගෙන ඇති බව දුටිමි. සදවත ද අද මා සමගය. හදපිරි සතුටින් සුබපැතීමි. මා ඇයට ලියු සෙත් කවියේ වස් පදය ඇරෙන්නට අනෙක් පද සියල්ල මල්පල ගැන්වී ඇත. කවිකාරකමට ලියුවෙමි. වස් නොපැතුවෙමි..



Monday, 30 January 2017

අහඹු හමුවක සොදුරු ඵලය

රෑකියාවෙන් විඩාබරවු තවත් සවස්  යාමයක කුසගින්නට හදිසි විසදූම කරගත් දුරකතනයේ නාමික වටිනාකමක් තිබු ලම්ප් රයිස් අයියා ඇමතුවෙමි,හෙතෙම සාද සදහා ලම්ප් රයිස් දෙන නිසාවෙනි. අවශ්‍යයතාව උත්සන්නම වු අවස්තාවේ පිටිය සෙවීම මාගේ පුරුද්දයි එය ඔහුටද අරුම නැත, අපේ කිරි අම්මානම් මෙයට කදිම යෙදුමක් කියන නමුදු, නොකියමි. කුසට අහාරයක් සොය ගිය ගමන කවි ලියන මා බ්ලොග් අවකාශයට පිවිසිමක් වෙතැයි හීන් අදහසකුදු  සිත් නොවීය,
මස්කට් හි අපට නුහුරු ගොම්මන්  සීතලේ බත් පත දෙන අතරතුර නිකමට මා සමග දොඩමලු වු ඔහු සහ ඔහුගෙ ප්‍රිය බිරිද රාත්‍රියෙ ශීෂා සාදයකට  ඇරයුමක් කරද්දී, සොබාදහමද  පරිසර තත්ව ගලපා ඈත්නම් මා කුමක් කරම්ද ,එය අහඹු සිදුවීමකි  අහඹු හමුවකි.

මිතුරු ප්‍රමාණ සමීක්ෂකයන්ගෙ අපමණ සාද වලට මා නිවස ලක්විය. බිරිද ලංකාවට ගිය නියාවෙන් මහදට අදුරු වූ එය ඔවුනට සොදුරු  මරමස්තානයකි.රාත්‍රියෙදී බැල්කනියට දිලුනු මස්කට් ගුවන්තොටුපල, සැරිසරන යාන්ත්‍රික කුරුල්ලන් හා නෑකම් කියන ඇරබියන් සාගරයෙන් හමන සුලග මතෙහි ගිලුන අපිට නොමද ආශ්වාදයකි .එකී සාද සංවාද වලදී මා නේක රස විද ඇත්තෙමි බොහොමයක් කුනු රසයන්ය. ලොව පිලිගත් උපාඨි දරන බොහොමයක් උගතුන් ලිද ලග සංගමයක සාමජිකයන් විම මා සිත නොරිස්සයි නමුත් එය ඇත්තයි.

මා කී අහඹු හමුව සාදයක වෙනත් මානයක් ඔස්සේ විය, සෑබෑ රස වෙනසක් හැගුනි, ආතල් කතා බහ පමනක්ම නොවීය. පහුවදා වැඩට යාමට තිබුනද විවිධ හරබර මාතෘකා ඔස්සෙ ගිය අපට කාලයද හරස් නොවීය.මා ඒ දොඩමලු වූයේ කොච්චියා හා කොච්චි හාමිනේ සමග බව පසුව දැනගතිමි.හිත පිනා ගිය නිසාවෙන් මම කවක්ද කලෙමි.



        අහඹු ලෙස මුනගැසුනු මිනිසුනි හැගුනි ලෙන්ගතුකමක මිහිරක්
        නොසිතු අයුරින් ලැබුනි හදපිරි සොදුරු සැලකුම් අමා දහරක්
        නොදැනි නොහැගිව අදුරෙ දොඩමලු ගෙවුනි හෝරා දිලුනි පහනක්
        හැදිනගත් මිතුදමක අසිරිය විදිනු රිසියෙමි නැවත දවසක්
 

බ්ලොග් ලියන්නට පෙලඹුන මුලබිජය අමතක නොකල යුතුය කොච්චියාගේ නොපසුඹට  සුන්දර වදය මා සිත තුල ඔහුට වටිනාකමක් දුනි මේ දිගහැරුනේ එයයි , තවද ඊයේ රාත්‍රියේ නිවසට යන අතරතුර ඩිලා බෝයිට කෑම පාර්සල් දෙන්නට ගොස් හෑමූ මලක සුවය නොවිදින්නට මෙම පොස්ටුව උපන් ගෙයිම මියයනු අත, කවි පද අමුණන මට බ්ලොග් පද නුහුරුය, ඉදිරියට මොනතක් ඔස්සේ ලියමිදැයි නොදනිමි. 

බ්ලොග් එකට නමක් දෑමිය යුතුය , මොන්ටිසෝරියේ බහ තෝරන පොඩි උන් මට කිව්වෙ නෙල්ලි කියාය එය ඔවුන් මගෙ නමේ මුල් අකුර යොදා සදාගත්තකි ,පිය පරම්පරවේ පෙලපතට උරුමකම් කී එකම කොලු පුරුක නිසා පව්ලේ ආදර නාමය ප්‍රින්ස් ය, එම නම් දෙකම මාගේ ජීවිතය හා බැදී ඇත අදටත් වලන්ගුය, හරුප නමක් ලෙස පාඨක ඔබට හැගුනත් මම කැමති එයටය. නෙල්ලිPrince ගේ මංගල පෝස්ටුව මෙයයි, බොහමයක් කතා ඇත බොහෝ කවිද ලියා ඇත්තෙමි, හමුවමු තවත් දිනයක...