“ඔයා දැන් ඉස්සර වගේ බ්ලොග් ලියන්නෙත් නැහැ , ගිටාර් ගහන්නෙත් නැහැ , ලංකාවට ආවට පස්සෙ මොකුත් කරන්නෙ නැහැ, So
Boring…” කිරිල්ලිය දොස් මුරයක් කනට තබා පයින් ගසන්නට විය. ඈ කියනා දේත් හැබෑය, එවන් අවස්තාවල නෑහුනා සේ පසුබැස්සද සති ගනනක් පුරාවට ඒ සුමධුර ඝාංඨාර නාදය මා දෙසවන් පිනවයි. එහි ආනිසංස පාඨක ඔබ මේ දැන් අත්විදී.
නෙල්ලිට වඩා බොහෝ සෙයින් ගිටාර් වදනයේ ප්රවිණයෙකු වූ චතුල මල්ලී ගුරුහරුකම කරන්නට එකපයින් කැමැතිය, ඌ හා මා හමුවූ කල සප්ත සවරයට එහා ගිය ග්රහලෝක ස්වරය සුසර කිරිම දිනෙක සංගීතයේ නිම් වලළු පුලුල් කරනු ඇතැයි සාධාරණ සැකයක් අප දෙදෙනා තුල මෙන්ම අත්වැල් වාදනයට නිබදවම පැමිණෙන නෙල්ලිගේ ආදර මස්සිනාරත්නය වූ අදීශයා තුලද නිසැකය. ඕමාන් දේශයේ මාගේ වාදක ගුරාණන් වූ පපා බෝයි දිනක ඔහුගේ එකම ගෝල පුරුක ගැන උදම් වනනු ඇත.කෙසේ හො වේවා ගිටාර් වැයීම යලිත් ඇරඹුවෙමි.
මේ පරිච්චේදය කිරිල්ලියගේ දෙවන පැමිණිල්ල වූ ලියමන ගැනය.අවසර නොගැනීම හා ඡායාරූප හොරකම්කරණය පිළිබද චතුල මල්ලීගේ ආදර බිරිද ටුටූ සමාව දෙනු ඇතැයි සිතමි කිම්ද යත් නිර්මාණකරනයක ට ඇයගේ මූණු පොතේ පලකල පෝස්ටුවක් වස්තු බීජය වීම නිසාවෙනි. හුදෙක් සිතක උද්දීපිත සිතුවිලි මාලවක් අකුරු කලෙමි.
දෑල ගං දිය නේක හසරැලි සේම කදුලැලි හා වැදී.
කාල යත් නොදැනීම ගතවී ඈත සයුරට යයි ඇදී.
කෝල සුකුමළ දූ කිනිත්තගෙ දිවි මගේ නැතිමුත් බැදී.
ආල වන්තම තාත්තාගෙ ඇස් නුබ ගැනම නිති ඇත රැදී.
ලගින් ඉද හුරතල් කරන්නට ඔවා දෙන්නට හිතෙනවා.
කනින් ඇද සනහසින් දූගෙ හිස සිඹින හැටි මැවෙනවා.
දිනෙන් දින පුන් සදක් විලසින් දිවි ගැබේ උබ දිලෙනවා.
භවෙන් දුර කින් ඉන්න මුත් ආඩම්බරේ සුව විදිනවා.
නැගිනි සසරක පුරුදු සිතුමක් එදත් දූ සද මගෙමය.
හැගිනි ආදර පැතුම් සහසක් දිරි දෙවන්නට උරුමය.
දැනිනි ලග නැති කමේ රිදුමක් තාත්තා යා යුතුමය.
දුවනි කිසි දා හදින් නොමියමි මතු භවෙත් මා නුබෙමය.
නෙල්ලිprince.
අයියේ දන්නේ නැතුවම ඇස් වලට කදුලු ඉනුවා.����❤
ReplyDeleteඔව් ඒක ටිකක් ඔයා සංවේදී කරයි කියල මට ලියද්දිම හිතුනා. But did not means to hurt you, if your father saw it he might reply like that කියල හිතුනා so නිකන්ම ලියවුනා.
ReplyDeleteJust remembered appachchi and should call him to check on him.<3
ReplyDeleteඒකනෙ කතා කරපිය දැන්ම
DeleteBeautiful Poem
ReplyDeleteපියෙකුගේ ආදරය යදින දුවක්; පියෙකුට මහ මෙරක්! එළ!
ReplyDeleteඅලුත් ජීවිතේ කොහොමද බං. සැපෙන් සුවෙන් ඉන්නවාද?
Deleteමහමෙරක් නිසාද පවුලයි දරුවොයි අමතක කරලා අලුත් කෑල්ලක් උස්සං පවුල් කන්නෙ.
Deleteතට්ටයා ආයෙත් එන්න මේ පැත්තේ
Deleteආයෙත් ලියනවා දැකීමම සතුටක්....කවිය ගැනනම් කිසිත් කියා ගන්න බැරි තරමට මමද අසරණයි....
ReplyDeleteඔයාල ඔක්කොම කම්මැලි වෙලානෙ
Deleteඅම්මගෙ ආදරේ බොහොවිට හැමදාම අපිට දැනෙන දෙයක් කෙනෙක්ගෙ ආදරේ එහෙම නෑ හරි ගුප්තයි නමුත් ඒක නැති උනසාට දරාගන්න බෑ ... ������
ReplyDeleteහරියටම කිව්වා කණ්ඩා
ReplyDeleteලස්සන ගෙත්තමක් නේල්ලී .
ReplyDeleteආයෙමත් දිගටම ලියමු
++++++++++++
ReplyDeleteමාරම ලස්සනයි වචන ටික අයියේ. මේ ලොකේ මට දාරගන්න බැරි වැඩිම බර ආදරයක් තියෙන්නේ මගෙ තාත්තාගාව. බලන්න ඉක්මනට යන්න ඕන. එයාව මාස තුනකින් දැක්කේ නෑ දැන් 🥺
ReplyDelete